අපමහා ලෝතුරා බුදුන් වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයේ විපත සහ විපතේ මුල පිළිබදව මෙසේ දේශණා කල සේක.
මහණෙනි
"රූපය විපතයි,
වේදනාව විපතයි,
සංඥාව විපතයි,
සංඛාර විපතයි,
විඥානය විපතයි.
සැබැවින්ම මේ පංචස්කන්ධයම විපතයි"
ඇත්තෙන්ම අප සැමවිටම දුක් වන්නේ අපි ආශා කරණ දෙය අපට නොලැබීම නිසාය.
අප දකින්නට බොහෝ සෙයින් අකමැකි දේ අපට ලැබීම නිසායි.
සංස්කාර වලින් මුළු සිරුරම වෙලාගෙන අවිද්‍යාවෙන් මුලා වී සිටින නිසායී.
මේ සියල්ල විපත නම්,
මැදිබත් බවින් සිටීමෙන් මේවා නැසිය හැකි නොවේද?
විපතේ මුල-
පුනර්භවය ඇති කරන, නන්දි රාග සහගත, ඒ ඒ තැන්හි සිත වසග කරවන, අභිනන්දනය ඇති කරවන ලද කාම තණ්හා,භව තණ්හා හා විභව තණ්හා යන සියල්ල විපතේ මූල යනුවෙන් හදුන්වයි.
ඒ නිසා මෙසියල්ලට අපව පරදන්නට නොදී අපි මේවා පැරදිය යුතුය.
0 comments:
Post a Comment