සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Tuesday, May 15, 2012

අපේ ඉරණම කුමත් වේවිද?

බුදු පි‍යාණනි  ඔබ දෙසූ ධර්මය සැබවින්ම නිර්මලයි.තවමත් නිර්මලයි...එම නිසා ඔබවහන්සේ දෙසූ දහමට කිසිවක් සමාන නැත.
එම නිසා එම සද්ධර්මය සැමදා පරම පිවිතුරුයි.ඔබවහන්සේ තවමත් අප අතර
ජීවමාන‍යි.
නමුත් ඔබ වහන්සේ දෙසු දහම විනාශ කරන්න සමහර මිත්‍යාදෘෂ්ටිකයින්
එදා වගේම අදත් උත්සහ කරනවා.ඒවාට ඉඩ නොදී බුදු දහම ආරක්ෂා
කර ගැනීම‍ට අපි වෙර දරන්නමු.


 ඒ නිරමල වූ පරම පිවිතුරුවූ බුදු දහමේ පෝෂණය වූ ආදරණීය ‍බෞද්ධ
හිතවතුනි අප ජීවත්වන මේ මොහොතේ පවා විවිධ ජාත්‍යන්තර
මෙන්ම දේශීය බලවේග බුදු දහම විනාශ කිරීමට විවිධාකාර වූ සැලසුම් දියත් කරමින්
සිටියි.
සත්‍ය වශයෙන්ම‍ මේ අපලගේ නෙ‍ත් අවදියෙන් තිබිය යුතුම කාලයයි.
මන්ද අප එකිනෙකා පරයන්නට සිතනා විටදී,
මෙවන් බලවේග අප සැමටමවඩා ඉහලින් වැජඹෙන නිසාවනි. තව වසර දහයක් පමණ ගතවන විට ‍බෞද්ධයාගේඉරණම වෙනස් කරන්නට සැරසෙන ඔවුන් දැන් දැන් ඒවාට මුල්ගල්
තබමින් සිටියි.
ඇතැම්විට මොවුන් මිනිසුන්ගේ අසරණ බාව‍යෙන් ප්‍රයෝජන ගන්නා
බව නොරහසකි.
තවත් විටක සංඝ සමාජය කෙරෙහිද ‍බෞද්ධයා කල කිරවීමට
අසරණ සංඝයාට විවිධ උදව් දෙන පරිද්දෙන් උන් වහන්සේලා  ලවා
විවිධ අකටයුතූකම් කර වීමට පටන් ගෙන තිබේ.සැබවින්ම මෙවන්  යුගයක අප කල්පනාකාරී
විය යුතුමය.මේ උතුම් පින් බිමේ සත්‍යවාදී බුදු දහම අසාධාරණ ලෙසින් වියැකී යවන්නට ඉඩ නොදෙමු.


බොරුවට මුලා නොවී ඇත්ත ඇති සැටියෙන් දකින්න.උපන් රටට,ආගමට ගරුකරන්න බොරුවට හිස නොනමා සත්‍යයට ගරු කරන්න.
 එවිට බුදු දහමේ නිර්මල බව ‍ඔබට වැටහෙන බව සහතිකය.


කොතරම් අසරණ වුවත් ආත්මය පවා නොදෙන්න.ආගම දහම රැක ගන්න......

1 comments:

bududahama raka gawnna darana obe utsahaya api agya karanawa

Post a Comment