සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Tuesday, May 15, 2012

අනේ දෙවියනේ.... මොකද මෙයාලට උනේ.........

පින්තූරෙ බලපු ගමන් ඔයාලට පුදුමත් හිතෙක්‍නවා ඇති. මොකද කාලෙකට පස්සේ මේ වගේ පොස්ට් එකක් දා‍න්නෙ කියල.ඒත් ඇත්තටම මේක හරිම අවාසනාවන්ත සිද්ධියක්.
මෙන්න මෙහමයි මේක වුනේ.
රියටම මෙයාලා 2012-පෙබරවාරි 04 වෙනිදා නිදහසේ ඉන්න කියලා නිදහස් තැනකට ආපු කට්ටියක්.
බැලූ බැල්මට අපි පුදුමත් වුනා. මොකද මේ හැමෝම ඔළුව ගහගෙන ඉන්නෙ කියලා. ටික වෙලාවක් ගියත් කිසිම වෙනසක් සිද්ධ වුනේ නෑ. පස්සෙ කෝකටත් කියලා අපි ජායාරූපයක් ගත්තා. ටිකකට පස්සෙ මොටර් සයිකල් එකකින් කට්ටියම එක්කන් ගියා. හැබැයි මේ කවුරුවත් හොද සිහියකින් හිටියෙ නෑ. හැමෝම මොනව හරි මත්ද්‍රව්‍යය වගයක් අරගෙන හිටියේ. කෙලින් හිටගන්නවත් හයියක් මේ අයට තිබුණෙ නෑ.


 මෙච්චර හරියක් වුනාට අම්මලා තාත්තලා ඒ බව දන්නැති හැටි.
 පන්ති යන්න කියලා ගෙදරින් දොට්ට බැස්සේ මේකටද?


ඇත්තටම හරිම දුක හිතෙනවා. උදේ හවා පන්සිල් ගන්න මේ රටේ අපේ තරුණ පරපුරට මොන හෙනයක් වැදිලද?


ආදරණීය සොයුර.....
ලොකු මනුස්සයකු වනවට වඩා, ගුණ ධර්ම වලින් පිරි මිනිසෙකු වීම මහත් වටිනු ඇත.


හිතන්න....
ජීවිතය ජයගන්නවා වෙනුවට විනාශ වෙන්නට කවදාවත් ඉඩ දෙන්න එපා. මන්ද මේ ඔබේ ජීවිතයයි.


බේබදුකම දුදන ඇසුරේ අතුරු ප්‍රථිපලයකි.


අපේ පුංචි රටේ දියුණුවට ඇප කැප වෙමු. ශීලාදී ගුණධර්ම වඩමු.එවිට අපිටත් පින්බර අනාගතයක් උදාවේවි.

1 comments:

athatama mekanam mahama henayak

Post a Comment