සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Friday, September 16, 2011

මරණ භය- අනියත ජීවිතය හා නියතය මරණය(2)

මිනිසා දුක් විදින්නේ භාහිර දේ නිසා නොව තමාගේ සිතෙහිම ඇතිවන මනඃකල්පිත
හැගීම් මෙන්ම වැරදි නිගමන නිසාමය. මරණයෙන් මතු මොන තැනක උපදීදැයි සැකයක් පවතී.
ආනාගත බලාපොරොත්තුව නිසාම ජීවිතය ගැන බිය ඇතිකරනු ඇත. මරණය හුදෙක් භයානක නොවෙයි.
නමුත් ඒ ගැන සිතීම නිසාම බිය උපදවයි. ජීවිතයේ යථාස්වභාවය දකින්නට ඇති අකමැත්ත නිසා අපි සත්‍යය ඉදිරියේ බියට පත් වන්නෙමු.
තමුත් සත්‍යය අවබෝධය තුලින් බිය තුරන් වේ. එවිට මරණයට නොබියව මුහුණදෙන්නට හැකිවේ.
උපන් සත්වයා ඊතලයක් මෙන් මරණය කරා දිව යයි. එය වලක්වන්නට අපට නොහැකිය.


විද්‍යාවට අනුව මරණය යනු කයේ විනාශ වීමක් පමණි.
අවිද්‍යාමාණ දේ ගැන සිතීම නිසා අපි දුක් විදින්නෙමු.
සැබැවින්ම බොහෝ දෙනා මරණ භයෙන් දිවි ගෙවති.
නමුත් මෙය ඉතාමත් අවාසනාවන්ත දෙයකි.
මන්ද මරණයට පත්වීම ස්වාභාවික දෙයක් නිසාවෙනි.


මරණයට පත්වන මොහොතේ පුදුමාකාර ලක්ෂණයක් මිනිසුන් තුල දැකිය හැක.
සියළු බිය සැක දුරැවී ඔහුගේ ඇස් දෙකින් විස්මිතව බලයි.
මෙය ස්වාභාවික ලක්ෂණයකි.
සිතින් දුක් බිය පහවේ.
මිනිසා තණ්හාවෙන් ඇලී ගැලී සිටීම නිසාම මරණයට බියවේ.
ජීවත්වන්ට ඇති ආශාව අධික වු විට සාංකාවක් ඇතිවේ.
මෙවැන්නන් හොද වැඩ නොකරති.
යම් අසනීපයක් හෝ කරදරයක් වේ යැයි සිතමින් කිසිවක් නොකර කල් ගෙවති.
සමහරුන් ජීවත්වීමේ ආශාවෙන් විවිධාකාරයේ යඥා කරති. තමාගේ ආත්මය මරණින් මතු දේව ලෝකයේ සදාකාලික වේවායි සිතා යාඥා කරති.
මෙවන් වූ අසීමිත බය හා බලාපොරොත්තු අතර ජීවත් වීම මහා කුණාටුවකට අසූවිම වැනිය.
නමුත් ආත්මාර්ථය රැකගැනීමට මිනිසාට ඇති ආශාව නිසා මෙසේ දුක්වීම ස්වාභාවික දෙයකි.


මේ බිය දුරුකර ගැනීමේ මාර්ගයක් ඇත.
එයනම් මම මගේ යන ආත්මාර්ථකාමී සිතුවිලි අවම කරගෙන තමන් තමන්හට ඇති ආදරය අනුන් වෙත පිරිනැමීමයි.
එනම් මුළු මිනිස් වර්ගයාටම ආදර කරුණාවෙන් සේවය කිරීමයි.


ඔබ මරණය ගැන සිතනවානම් මරණයට පෙර යුතුකම් ඉටුකිරීමට වගබලා ගනු ඇත. ඒ නිසාවෙන් බුද්ධියෙන් මෙලොව පරලොව සියළු සැප සාදාගන්නට හැකිවනු ඇත.
සැබැවින් පරාර්තකාමීත්වයෙන් වැඩකිරීම ඔබට මෙන් මුළු මහක් ලෝක ධාතුවටම අමිල නිමල සේවයක් වනු ඇත.
ඒ නිසා දිනෙන් දින මරණයට පත්වන මේ ජීවිතය අර්ථවත් ලෙස ගතකරමින්.
මරණය නම් වූ දුක්ඛ ස්වභායට නොබියව මුහුන දෙන්න සිත හක්තිමත් කරගන්න.
අනිත්‍යතාව තමන්ම අවබෝධකරගෙන මේ සංසාර දුකෙන් මිදෙන්නට එක් පියවරක් හෝඉදිරියට තබන්න.


අද අද එයි මරු පින්කර ගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ

6 comments:

හොද ලිපියක්....ලිපි වලි ගොඩක් ඔන්න කියෙව්වා,අභිධර්මය පිලිබදව පොඩ්ඩක් ලියමුකෝ....ගොඩක් වටින ලිපි පෙලක්.....තෙරුවන් සරනයි..!!!!

බොහොම ස්තූතියි අයියා. අභිධර්මය පිලිබදව ලියන්නට බලාපොරොත්තුවෙන් ඉන්නේ. තෙරුවන්සරණයි

ජීවිතය ඉහලන ලද කුඩයක්ය
අට ලෝ දහම එහි එක එක නනයක්ය
මිනිසා කුඩය ඉහලන එක කනුවක්ය
මරනය කුඩය හකුලන පොඩි ඈනයක්ය..............

දිගටම ලියන්න ඔබට සුබ පතනවා..........

ස්තූතියි. තෙරුවන්සරණයි.

mokada me dawas wala post naththe

Post a Comment