සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Wednesday, September 14, 2011

ස්වභාවදහම හා යා වුන මනුසත්කම- - -කරදර වලින් මිදෙන්න (2)

භෞතික සැප සම්පත්, ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුව නිසාම අදවනවිට මිනිසා ස්වභාවධර්මයේ
හඩට ඇහුම්කන් නොදී අනාගත ජීවිතයේ සතුට ගැන ඉහවහා ගිය සිතුම් පැතුම් වලින් මනස ස්වයං
මුලාවකට පත්කගෙන ඇත.
ඒ නිසාම අනාගතය ගැන සිහින මවනවා හැරෙන්නට අමිල වටිනාකමක් ඇති වර්තමානය පිළිබදව
සහමුලින්ම අමතක කොට ඇත.


සත්තකින්ම මුළු මහත් මනුෂ්‍ය සංහතියම මෙවන් වූ ආකාරයෙන් අස්වාභාවික ලෙස හැසිරෙන්නේ
අපගේ වටිනා වූ මනුෂ්‍ය ජීවිතය හා අවසන් අරමුණ පිළිබදව ඇති වැරදි ආකල්පයන් නිසාය.
මේ නිසාම වත්මන් සමාජයේ බොහෝ පසුතැවුල්, බිය හා අනාරක්ෂිත තත්වයන්ට මෙය
පැහැදිලි ලෙසම බලපා ඇත.


ඔබ සාමයට කොතරම් කැමතිද?
නිවසේ සිටින ඔබේ ආදරණීයන් සමගින් මෙන්ම, සමාජයේ සිටින සියළුදෙනා සමගියෙන් ඉන්න
 අවශ්‍යයි කියන හැගීම ඔබගේ සිත තුල පවතිනවා නේද?


සබද නිසැකවම ඔබ සාමයට ඇළුම් කරන්නෙකු නම් අන් අයගේ නිදහසට කිසිම ලෙසකින්
බාධා කරන්න එපා.විහිළුතහළු කරමින් සිටින්නට කොතරම් කැමති වූවත් තවත් කෙනෙකු
රවටා සතුටු වනවාට වඩා ඔහුත් සමගම සිනාසෙන්නට ඔබට හැකිනම්,සැබැවින්ම ඔබ සැබෑ
 මිනිසත්කමෙන් පිරිපුන් උතුම් කොනකි.




මනසින් උසස්ම මිනිසුන් යැයි කියා ගන්නා අපම සමහරවිටෙන කිරිසන් සතුන් පවා නොකරන
දේ කරන්නට ගිය අවස්ථා කොපමණ තිබෙනවාද යන්න ඔබම දන්නවා ඇත.
කෘර සහ අධම මිනිසුන් විසින් විශ්වයේ නීතීන්ට එරෙහිව වැඩකරමින් ආත්මාරථයෙන් ක්‍රියා කරනා විටදී
එවැන්නන්ගේ වචන මෙන්ම සිතුවිලි වලින් මුළුමහත් පරිසරයම අපවිත්‍ර වනු ඇත.
එවැනි නොහොබිනා ක්‍රියා නිසා අදවනවිට ස්වභාවදහම අපට දෙන දායාද වන්නේ රොග වසංගත හා ස්වාභාවික විපත්ය.
නමුත් එවන් අවස්ථාවලදී බොහෝ දෙනා කරන්නේ අන් අය මත වැරැද්ද පැටවීමයි.
සැබැවින්ම සිදුවිය යුත්තේ එයද? සිතන්නට ඔබට බාරයි.


උතුම් මනසක් ඇති අපට වෙනස්කල නොහැක්කක් නොමැති බව අප වටහා ගත යුතුය.
මගේ හැගීම නම් තවමත්  ඔබ ප්‍රමාද නැත යන්නයි.
සත්තකිනම ස්වබාවදහමට ගරු කරමින් දිවිගෙවන්නට ඔබට හැකිනම් එය නිසැකවම ඉතා වටිනු ඇත.


කොතරම් කාර්‍යබහුල කෙනෙක් වූවත් දිනකට පුංචි වේලාවක් හෝ භාවනාවේ යෙදෙන්න,
වටිනා පොතක්පතක් කියවා ජීවිතයට දැනුම මෙන්න සැනසිල්ලද උදාකරගන්න.
මෙවන් පුරුදු මගින් ඔබට විශාල සහනයක් උදාවනබව මට විශ්වාසයි.
දුක් කම්කටොළු සහමුලිනම අමතක කර මානසික සංවර්ධනයක් ඇතිකරගන්නටද
 ඔබට නිබදව හැකිවනු ඇත.


තවත් එක දෙයක් ලෙස ඔබට ආගමක් දහමක් ඇතිබව අමතක කරන්න එපා.
දිනකට විනාඩි කිහිපයක් හෝ ඔබගේ ආගම මෙනෙහි කිරීමට මෙන්ම ආගමික කටයුතුවලටත් සම්බන්ධ වෙන්න.



කොතරම් ප්‍රශ්ණ බාධක මැද වුවද,
ජීවිතය නිදහසේ ගලාගෙන යනු ඇත.
සොදුරැ සොබාදමට උරණ නොවී....
ජීවිතයේ අයාලේ යන්නට ඉඩ නොදී...
සිතුවිලි බදුවූ හබලෙන් පහරින්...
හරිමග,හරිලෙස යන්නට...
ජීවිතය අර්ථාන්විත කරගන්නට ඔබට සදා හැකියාව ලැබේවා.
මනුසත්කමින් සුපෝෂිත ඹබට සියළු යහපත උදා වේවා.


තෙරුවන්සරණයි.

3 comments:

අද මිනිස්සු බොහෝ විට දුවන්නන් වාලේ දුවනවා,තමන් ගැන පමනක් හිතලා බොහෝ දෙනා කටයුතු කරන්නේ.සරල චාම් දිවි පැවෑත්මකට බොහෝ අය අකමැතියි ස0කිර්න සමාජය තුල මිනිසුන්ගෙ අවස්යතාද ස0කිර්න වෙලා,මෙවෑනි සමාජයක් තුල මිනිසුන්ගේ ගුනදහම් පිරිහෙනවා,දුවන්නන් වාලේ දුවලා හති වැටෙනකොට ඔවුන් විය පත් වෙලා,ආපසු ජීවිතය දිහා හෑරිලා බලද්දි දවසක ඔවුන්ට තෙරේවි එවිට කල හැකිව කල යුතුව තිබු බොහෝ දේ ඔවුන් මග හැරගෙන බව......එසේ සුසුම් හෙලන්නට නොවන තැනට අප කටයුතු සිදු කර ගතයුතු නොවේද? ඔබට සුබ පතනවා දිගටම ලියන්න........

හදවතින්ම ලැබදුන් ඒ දිඑියට බෙහෙවින්ම ස්තුතියි හිතවත. තෙරුවන්සරණයි.

හරිම හොඳයි මේ උත්සාහය.හැමදාම හොඳ ලිපි ටිකක් ලියන්න.පුළුවන් දවස් වලට ඔයාගේ බ්ලොග් එකට ඇවිත් යන්න එන්නම්.තෙරුවන් සරණයි!

Post a Comment