සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Wednesday, September 7, 2011

ඔබ කවර ලෙස කිපෙන කෙනෙක්ද? (පුද්ගල වර්ග 3)

මේ ලෝකය හරිම පුදුමාකාරයි. මිනිස්සු හරිම විවිධයි. මේ විවිධාකාර වූ පුද්ගලයන් ප්‍රධාන වශයෙන් වර්ග 3කි.
මෙම පුද්ගලයන් මෙසේයී.(අංගුත්තර තික නිපාත-130)


1.ගල මත ලිවීම සේ උපමා කල පුද්ගලයා
2.පොලොව මත ලිවීම සේ උපමා කල පුද්ගලයා
3.ජලය මත ලිවීම සේ උපමා කල පුද්ගලයා 



1.ගල මත ලිවීම සේ උපමා කල පුද්ගලයා

 නිතර නිතර කිපෙන පුද්ගලයකුගේ ක්‍රෝධය දිගු කලක් සිත තුල රුදී පවතියී නම්,ගලක් මත ලියූ දෙයක් වාතයෙන් හෝ ජලයෙන් පහසුවෙන් නොමැකී යන්නා
සේ සිත තුල ක්‍රෝධය,තරහව පැසවමින් පවතියි. එවන් පුද්ගලයින් මෙයින් විග්‍රහ කර ඇත.


2. ලිවීම සේ උපමා කල පුද්ගලයා
 

යම් පුද්ගලයකු නිතර කිපෙන පුද්ගලයකු වූවත් ඔහුගේ ක්‍රෝධය දිගු කලක් සිත තුල රුදී නොපවතියී නම්,
පොලොව මත ලියූ දෙයක් වාතයෙන් හෝ ජලයෙන් පහසුවෙන් මැකී යන්නා
සේ සිත තුල ක්‍රෝධය,තරහව පැසවමින් නොපවතියි. එවන් පුද්ගලයින් මෙයින් විග්‍රහ කර ඇත.


3.ජලය මත ලිවීම සේ උපමා කල පුද්ගලයා 
 

යම් පුද්ගලයකු රළු වචන ද,පරැෂ වචන ද, අමනාප බස් ද ඇසුවද, ඒ සැම ඉවසා සාමදානව එක්වී සතුටු වේ නම්,ජලය මත ලියූ දේ ඉතා පහසුවෙන් මැකී යන්නා සේ ඔහු ඒ සැම ඉවසා සතුටින් දිවි ගෙවයි.එවන් පුද්ගලයින් මෙයින් විග්‍රහ කර ඇත.
එසේනම් මේ ත්‍රිවිධාකාර වූ පුද්ගලයන්ගෙන් ඔබකුමන ආකාරයේද යන වග අන් සැමටම වඩා එබ දන්නවා ඇත. සුදුසු දේ තොරාගෙන යහපත් ලෙස දිවි ගෙවීමට ඔබට
හැකිවේවායි පතමි. ඔබට සම්මා සම්බුදු සරණයි. 

(වෙනස් කල නොහැක්කක් නොමැත-බුද්ධියෙන් විමසා බලනු මැන)


මීලග ලිපියෙන් හමුවෙමු.

0 comments:

Post a Comment