කනස්සල්ල හා බිය යනු එකිනෙකටයා වුනාවූ ද්විත්ව අපලයකි.
සත්තකින්ම එය මේ මුළු ලෝකය පුරාම පවතී. ඔබ කණගාටුවෙන් සිටී කියා සිතෙන විට ඔබ සිටින්නේ
දුකිනි.ඔබ දුකින් සිටී කියා සිතෙන විට ඔබ සිටින්නේ කණගාටුවෙනි.අපි මේ දෙයට සත්‍යය ලෙස මුහුණ දිය යුතුය.අපට මේවායින් පැන යා නොහැකිය.එනමුත් දුක සහ බිය යන මේවාට අප ඉක්මවා යාමට ඉඩ නොදිය යුතුය.අනිවාර්යෙන්ම අප ඒවා ජයගත යුතුය.අපේම වීර්යය නිවැරදි ලෙස හොද අධිෂ්ඨානයක් සහ ඉවසීම සහිතව යෙදුවහොත් එය කල හැකි වේ.චිත්ත වේගාත්මක හැගීම් මැනවින් හදුනාගෙන බුද්ධිය ප්‍රවේශමෙන් යෙදවීම මගින් අපගේ දුක හා කණගාටුව මැඩපවත්වා පලවා හැරිය හැක.
සැබැවින්ම අපගේ දුක් කරදර අප විසින්ම ඇතිකරගන්නා ඒවා යැයි කිවතොත් නිවැරදියි. අප තුල ඇති ආත්මාර්ථකාමීකම,උඩගුකම හා විවිධ දේ පිළිබදව අපගේ වැරදි අවබෝධය නිසා මනස තුල දුක හා මෙම කණගාටුව නිර්මාණය වේ.මෙම ආත්මාර්ථකාමීත්වය නොහික්මවූ මනස තුල දිවයන වැරදි පරිකල්පනයක් වන අතර එවිට දුක හා කණගාටුව සිත තුල රජයයි. ඒ නිසාම මනුෂ්‍යත්වය වැනි ගුණධර්ම සිත තුල දියුණු කල යුතුය. මමත්වය වනසා දැමිය යුතුය.
බොහො දෙනා තුල අධික ආශාව ,ලොල් බව,හා බිය,තැවුල් ඇත.ඒවා මැඩගැනීම කෙසේ වූවත් ඒවා පිලිගැනීමටද කැමති නොවෙන්නේ එවන් වූ චිත්තාවේගයන්ට අප මුලා කිරීමේ බලයක් ඇති නිසාවෙන්මය.මේ නිසාම භෞතික ශරීරයේ විවිධාකාරවූ නිදන් ගත රෝග පවා ඇතිවේ.නමුත් මෙම සියල්ල නිවැරදිව හුරුකරගත් භාවනාව මගින් හෝ මනසේ සංවර කම ඇති කරගැනීම මගින් මගහැරගත හැක.මන්ද මේ සියළු දෙටම හේතුව මනසේ නොහික්මුණු බවයි.
"ඔබ දුකින් සිටින විට ඔබගේ බුම්මාගත් මුහුණ හැමෝටම පෙන්නන්න එපා". ඇත්තෙන්ම ඔබට උදවි කල හැකි අයට පමණක් එය කියන්න. කොතරම් කරදර බාධක පැමිණියත් සිනාසී ඉන්න ඔබට හැකිනම් එය කෙතරම් ප්‍රියජනකද? උත්සහ කලහොත් එය කරන්නට අපහසුවක් නොවනු ඇත.
යොවුන් වියේ සිටින බොහෝදෙනා තම ආදර සම්බන්ධතා බිදවැටුන විට ඉමහත් දුකට පැමිණෙයි.ඇතැමුන් සියදිවි නසාගැනීම්වලට පවා යොමුවෙයි. තවත් සමහරුන් බේබද්දන් මෙන් දිවිගෙවති.
මෙවැනි දේ සිදුවන්නේ ජීවිතයේ අනියත බව පිළිබදව කිසිදු අවබෝධයක් නොමැති නිසාවෙනි.වෙන්වීම යන සතයයට මුහුණදීම ධෛර්ය ඇති කර ගත යුතුය.

මහළු වනවාට වඩා ඩක්මනින් දුක් කම්කටොළු මගින් අපගේ රුධිරය නරක් කරයි.සැබැවින්ම මෙම දුක් කම්කටොළු මිනිස් සිරුරේ සැබෑ සතුරන්ය.එමගින් සාමාන්‍ය ශාරීරික කටයුතු අඩපන කරයි.
අන් අය සතුටු කරන්නට ඔබ ඉගන ගත්තොත් ඔබට නිරන්තරයෙන් සතුටින් සිටිය හැක. ඒ නිසාම ආදරණීය පින්වත් ඔබ සෑම මොහොතකම සතුටින් නිර්ලෝභිව සිටින්නට උත්සහ කරන්න. එවිට සදා සැනසිල්ල ඔබ ලග තියේවී.
මනසේ විවිධ ස්වරූපයන්ට මුලා නොවී උත්සහවන්තව කටයුතු කරන්නට ඔබට හැකිවේවා. සැමට තිසරණ සරණයි.
මීලග ලිපියෙන් හමුවෙමු.
මේ ලිපි බලන ඔයාගේ අදහස් මට හුගක් වටිනවා. ඔබට හිතෙන දේ පහලින් කියල යන්න.
0 comments:
Post a Comment