බුදු දහම රැකගන්න එන්න අප හා එක්වන්න

හිතවත ඔබ සැබැම බෞද්ධයෙක් නම් නිබදව අන් අයට ගරැ කරන්න.සැම එකා සේ සිතන්න

සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Friday, September 16, 2011

මරණ භය- අනියත ජීවිතය හා නියතය මරණය(2)

මිනිසා දුක් විදින්නේ භාහිර දේ නිසා නොව තමාගේ සිතෙහිම ඇතිවන මනඃකල්පිත
හැගීම් මෙන්ම වැරදි නිගමන නිසාමය. මරණයෙන් මතු මොන තැනක උපදීදැයි සැකයක් පවතී.
ආනාගත බලාපොරොත්තුව නිසාම ජීවිතය ගැන බිය ඇතිකරනු ඇත. මරණය හුදෙක් භයානක නොවෙයි.
නමුත් ඒ ගැන සිතීම නිසාම බිය උපදවයි. ජීවිතයේ යථාස්වභාවය දකින්නට ඇති අකමැත්ත නිසා අපි සත්‍යය ඉදිරියේ බියට පත් වන්නෙමු.
තමුත් සත්‍යය අවබෝධය තුලින් බිය තුරන් වේ. එවිට මරණයට නොබියව මුහුණදෙන්නට හැකිවේ.
උපන් සත්වයා ඊතලයක් මෙන් මරණය කරා දිව යයි. එය වලක්වන්නට අපට නොහැකිය.


විද්‍යාවට අනුව මරණය යනු කයේ විනාශ වීමක් පමණි.
අවිද්‍යාමාණ දේ ගැන සිතීම නිසා අපි දුක් විදින්නෙමු.
සැබැවින්ම බොහෝ දෙනා මරණ භයෙන් දිවි ගෙවති.
නමුත් මෙය ඉතාමත් අවාසනාවන්ත දෙයකි.
මන්ද මරණයට පත්වීම ස්වාභාවික දෙයක් නිසාවෙනි.


මරණයට පත්වන මොහොතේ පුදුමාකාර ලක්ෂණයක් මිනිසුන් තුල දැකිය හැක.
සියළු බිය සැක දුරැවී ඔහුගේ ඇස් දෙකින් විස්මිතව බලයි.
මෙය ස්වාභාවික ලක්ෂණයකි.
සිතින් දුක් බිය පහවේ.
මිනිසා තණ්හාවෙන් ඇලී ගැලී සිටීම නිසාම මරණයට බියවේ.
ජීවත්වන්ට ඇති ආශාව අධික වු විට සාංකාවක් ඇතිවේ.
මෙවැන්නන් හොද වැඩ නොකරති.
යම් අසනීපයක් හෝ කරදරයක් වේ යැයි සිතමින් කිසිවක් නොකර කල් ගෙවති.
සමහරුන් ජීවත්වීමේ ආශාවෙන් විවිධාකාරයේ යඥා කරති. තමාගේ ආත්මය මරණින් මතු දේව ලෝකයේ සදාකාලික වේවායි සිතා යාඥා කරති.
මෙවන් වූ අසීමිත බය හා බලාපොරොත්තු අතර ජීවත් වීම මහා කුණාටුවකට අසූවිම වැනිය.
නමුත් ආත්මාර්ථය රැකගැනීමට මිනිසාට ඇති ආශාව නිසා මෙසේ දුක්වීම ස්වාභාවික දෙයකි.


මේ බිය දුරුකර ගැනීමේ මාර්ගයක් ඇත.
එයනම් මම මගේ යන ආත්මාර්ථකාමී සිතුවිලි අවම කරගෙන තමන් තමන්හට ඇති ආදරය අනුන් වෙත පිරිනැමීමයි.
එනම් මුළු මිනිස් වර්ගයාටම ආදර කරුණාවෙන් සේවය කිරීමයි.


ඔබ මරණය ගැන සිතනවානම් මරණයට පෙර යුතුකම් ඉටුකිරීමට වගබලා ගනු ඇත. ඒ නිසාවෙන් බුද්ධියෙන් මෙලොව පරලොව සියළු සැප සාදාගන්නට හැකිවනු ඇත.
සැබැවින් පරාර්තකාමීත්වයෙන් වැඩකිරීම ඔබට මෙන් මුළු මහක් ලෝක ධාතුවටම අමිල නිමල සේවයක් වනු ඇත.
ඒ නිසා දිනෙන් දින මරණයට පත්වන මේ ජීවිතය අර්ථවත් ලෙස ගතකරමින්.
මරණය නම් වූ දුක්ඛ ස්වභායට නොබියව මුහුන දෙන්න සිත හක්තිමත් කරගන්න.
අනිත්‍යතාව තමන්ම අවබෝධකරගෙන මේ සංසාර දුකෙන් මිදෙන්නට එක් පියවරක් හෝඉදිරියට තබන්න.


අද අද එයි මරු පින්කර ගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ

Wednesday, September 14, 2011

ස්වභාවදහම හා යා වුන මනුසත්කම- - -කරදර වලින් මිදෙන්න (2)

භෞතික සැප සම්පත්, ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුව නිසාම අදවනවිට මිනිසා ස්වභාවධර්මයේ
හඩට ඇහුම්කන් නොදී අනාගත ජීවිතයේ සතුට ගැන ඉහවහා ගිය සිතුම් පැතුම් වලින් මනස ස්වයං
මුලාවකට පත්කගෙන ඇත.
ඒ නිසාම අනාගතය ගැන සිහින මවනවා හැරෙන්නට අමිල වටිනාකමක් ඇති වර්තමානය පිළිබදව
සහමුලින්ම අමතක කොට ඇත.


සත්තකින්ම මුළු මහත් මනුෂ්‍ය සංහතියම මෙවන් වූ ආකාරයෙන් අස්වාභාවික ලෙස හැසිරෙන්නේ
අපගේ වටිනා වූ මනුෂ්‍ය ජීවිතය හා අවසන් අරමුණ පිළිබදව ඇති වැරදි ආකල්පයන් නිසාය.
මේ නිසාම වත්මන් සමාජයේ බොහෝ පසුතැවුල්, බිය හා අනාරක්ෂිත තත්වයන්ට මෙය
පැහැදිලි ලෙසම බලපා ඇත.


ඔබ සාමයට කොතරම් කැමතිද?
නිවසේ සිටින ඔබේ ආදරණීයන් සමගින් මෙන්ම, සමාජයේ සිටින සියළුදෙනා සමගියෙන් ඉන්න
 අවශ්‍යයි කියන හැගීම ඔබගේ සිත තුල පවතිනවා නේද?


සබද නිසැකවම ඔබ සාමයට ඇළුම් කරන්නෙකු නම් අන් අයගේ නිදහසට කිසිම ලෙසකින්
බාධා කරන්න එපා.විහිළුතහළු කරමින් සිටින්නට කොතරම් කැමති වූවත් තවත් කෙනෙකු
රවටා සතුටු වනවාට වඩා ඔහුත් සමගම සිනාසෙන්නට ඔබට හැකිනම්,සැබැවින්ම ඔබ සැබෑ
 මිනිසත්කමෙන් පිරිපුන් උතුම් කොනකි.




මනසින් උසස්ම මිනිසුන් යැයි කියා ගන්නා අපම සමහරවිටෙන කිරිසන් සතුන් පවා නොකරන
දේ කරන්නට ගිය අවස්ථා කොපමණ තිබෙනවාද යන්න ඔබම දන්නවා ඇත.
කෘර සහ අධම මිනිසුන් විසින් විශ්වයේ නීතීන්ට එරෙහිව වැඩකරමින් ආත්මාරථයෙන් ක්‍රියා කරනා විටදී
එවැන්නන්ගේ වචන මෙන්ම සිතුවිලි වලින් මුළුමහත් පරිසරයම අපවිත්‍ර වනු ඇත.
එවැනි නොහොබිනා ක්‍රියා නිසා අදවනවිට ස්වභාවදහම අපට දෙන දායාද වන්නේ රොග වසංගත හා ස්වාභාවික විපත්ය.
නමුත් එවන් අවස්ථාවලදී බොහෝ දෙනා කරන්නේ අන් අය මත වැරැද්ද පැටවීමයි.
සැබැවින්ම සිදුවිය යුත්තේ එයද? සිතන්නට ඔබට බාරයි.


උතුම් මනසක් ඇති අපට වෙනස්කල නොහැක්කක් නොමැති බව අප වටහා ගත යුතුය.
මගේ හැගීම නම් තවමත්  ඔබ ප්‍රමාද නැත යන්නයි.
සත්තකිනම ස්වබාවදහමට ගරු කරමින් දිවිගෙවන්නට ඔබට හැකිනම් එය නිසැකවම ඉතා වටිනු ඇත.


කොතරම් කාර්‍යබහුල කෙනෙක් වූවත් දිනකට පුංචි වේලාවක් හෝ භාවනාවේ යෙදෙන්න,
වටිනා පොතක්පතක් කියවා ජීවිතයට දැනුම මෙන්න සැනසිල්ලද උදාකරගන්න.
මෙවන් පුරුදු මගින් ඔබට විශාල සහනයක් උදාවනබව මට විශ්වාසයි.
දුක් කම්කටොළු සහමුලිනම අමතක කර මානසික සංවර්ධනයක් ඇතිකරගන්නටද
 ඔබට නිබදව හැකිවනු ඇත.


තවත් එක දෙයක් ලෙස ඔබට ආගමක් දහමක් ඇතිබව අමතක කරන්න එපා.
දිනකට විනාඩි කිහිපයක් හෝ ඔබගේ ආගම මෙනෙහි කිරීමට මෙන්ම ආගමික කටයුතුවලටත් සම්බන්ධ වෙන්න.



කොතරම් ප්‍රශ්ණ බාධක මැද වුවද,
ජීවිතය නිදහසේ ගලාගෙන යනු ඇත.
සොදුරැ සොබාදමට උරණ නොවී....
ජීවිතයේ අයාලේ යන්නට ඉඩ නොදී...
සිතුවිලි බදුවූ හබලෙන් පහරින්...
හරිමග,හරිලෙස යන්නට...
ජීවිතය අර්ථාන්විත කරගන්නට ඔබට සදා හැකියාව ලැබේවා.
මනුසත්කමින් සුපෝෂිත ඹබට සියළු යහපත උදා වේවා.


තෙරුවන්සරණයි.

Sunday, September 11, 2011

කනස්සල්ල හා බිය- - -කරදර වලින් මිදෙන්න (1)

කනස්සල්ල හා බිය යනු එකිනෙකටයා වුනාවූ ද්විත්ව අපලයකි.
සත්තකින්ම එය මේ මුළු ලෝකය පුරාම පවතී. ඔබ කණගාටුවෙන් සිටී කියා සිතෙන විට ඔබ සිටින්නේ
දුකිනි.ඔබ දුකින් සිටී කියා සිතෙන විට ඔබ සිටින්නේ කණගාටුවෙනි.අපි මේ දෙයට සත්‍යය ලෙස මුහුණ දිය යුතුය.අපට මේවායින් පැන යා නොහැකිය.එනමුත් දුක සහ බිය යන මේවාට අප ඉක්මවා යාමට ඉඩ නොදිය යුතුය.අනිවාර්යෙන්ම අප ඒවා ජයගත යුතුය.අපේම  වීර්යය නිවැරදි ලෙස හොද අධිෂ්ඨානයක් සහ ඉවසීම සහිතව යෙදුවහොත් එය කල හැකි වේ.චිත්ත වේගාත්මක හැගීම් මැනවින් හදුනාගෙන බුද්ධිය ප්‍රවේශමෙන් යෙදවීම මගින් අපගේ දුක හා කණගාටුව මැඩපවත්වා පලවා හැරිය හැක.


සැබැවින්ම අපගේ දුක් කරදර අප විසින්ම ඇතිකරගන්නා ඒවා යැයි කිවතොත් නිවැරදියි. අප තුල ඇති ආත්මාර්ථකාමීකම,උඩගුකම හා විවිධ දේ පිළිබදව අපගේ වැරදි අවබෝධය නිසා මනස තුල දුක හා මෙම කණගාටුව නිර්මාණය වේ.මෙම ආත්මාර්ථකාමීත්වය නොහික්මවූ මනස තුල දිවයන වැරදි පරිකල්පනයක් වන අතර එවිට දුක හා කණගාටුව සිත තුල රජයයි. ඒ නිසාම මනුෂ්‍යත්වය වැනි ගුණධර්ම සිත තුල දියුණු කල යුතුය. මමත්වය වනසා දැමිය යුතුය.


බොහො දෙනා තුල අධික ආශාව ‍,ලොල් බව,හා බිය,තැවුල් ඇත.ඒවා මැඩගැනීම කෙසේ වූවත් ඒවා පිලිගැනීමටද කැමති නොවෙන්නේ එවන් වූ චිත්තාවේගයන්ට අප මුලා කිරීමේ බලයක් ඇති නිසාවෙන්මය.මේ නිසාම භෞතික ශරීරයේ විවිධාකාරවූ නිදන් ගත රෝග පවා ඇතිවේ.නමුත් මෙම සියල්ල නිවැරදිව හුරුකරගත් භාවනාව මගින් හෝ මනසේ සංවර කම ඇති කරගැනීම මගින් මගහැරගත හැක.මන්ද මේ සියළු දෙටම හේතුව මනසේ නොහික්මුණු බවයි.


"ඔබ දුකින් සිටින විට ඔබගේ බුම්මාගත් මුහුණ හැමෝටම පෙන්නන්න එපා". ඇත්තෙන්ම ඔබට උදවි කල හැකි අයට පමණක් එය කියන්න.  කොතරම් කරදර බාධක පැමිණියත් සිනාසී ඉන්න ඔබට හැකිනම් එය කෙතරම් ප්‍රියජනකද?  උත්සහ කලහොත් එය කරන්නට අපහසුවක් නොවනු ඇත.


යොවුන් වියේ සිටින බොහෝදෙනා තම ආදර සම්බන්ධතා බිදවැටුන විට ඉමහත් දුකට පැමිණෙයි.ඇතැමුන් සියදිවි නසාගැනීම්වලට පවා යොමුවෙයි. තවත් සමහරුන් බේබද්දන් මෙන් දිවිගෙවති.
මෙවැනි දේ සිදුවන්නේ ජීවිතයේ අනියත බව පිළිබදව කිසිදු අවබෝධයක් නොමැති නිසාවෙනි.වෙන්වීම යන සතයයට මුහුණදීම ධෛර්ය ඇති කර ගත යුතුය.


"බිය කොතැනක හෝ උපදීද? එය අණුවනයන් තුලම උපදී.ඥාණවන්තයන් තුල නොපවතී." යනුවෙන් බුදුන්වහන්සේ දේශනා කර ඇත්තේ බිය යනු මනසේම යම් තත්වයක් නිසාය. මෙම ස්වභාව අපටම පාලනය කල හැක.ඍණාත්මක සිතුවිලි බිය උපදවයි.ධනාත්මක සිතුවිලි අපගේ බලාපොරොත්තු සඵල කරයි.ස්වභාවධර්මය මිනිසාට තම සිතුවිලි පාලනය කර ගැනීමේ හැකියාව මිනිසාට දයාද කර ඇත.සිතුවිලි හොදින් පාලනය කිරීමෙන් බිය අභිබවා යා හැකිය.


මහළු වනවාට වඩා ඩක්මනින් දුක් කම්කටොළු මගින් අපගේ රුධිරය නරක් කරයි.සැබැවින්ම මෙම දුක් කම්කටොළු මිනිස් සිරුරේ සැබෑ සතුරන්ය.එමගින් සාමාන්‍ය ශාරීරික කටයුතු අඩපන කරයි.


අන් අය සතුටු කරන්නට ඔබ ඉගන ගත්තොත් ඔබට නිරන්තරයෙන් සතුටින් සිටිය හැක. ඒ නිසාම ආදරණීය පින්වත් ඔබ සෑම මොහොතකම සතුටින් නිර්ලෝභිව සිටින්නට උත්සහ කරන්න. එවිට සදා සැනසිල්ල ඔබ ලග තියේවී.
මනසේ විවිධ ස්වරූපයන්ට මුලා නොවී උත්සහවන්තව කටයුතු කරන්නට ඔබට හැකිවේවා. සැමට තිසරණ සරණයි.


මීලග ලිපියෙන් හමුවෙමු.
මේ ලිපි බලන ඔයාගේ අදහස් මට හුගක් වටිනවා. ඔබට හිතෙන දේ පහලින් කියල යන්න.

Friday, September 9, 2011

හලාවත සිදුවෙන්න යන බිලි පුජාව වහා නවත්වමු.

ඇත්තටම මේ වෙලාවේ මේ වගේ පෝස්ට් එකක් දාන්න වෙයි කියලා කවදාවත්  මම හිතුවෙ නෑ.
ඒත් අවාසනාවන්ත ලෙස සිදුවෙන්න යන මහා අපරාධයක් වෙනුවෙන් අප නිසැකවම නැගී සිටිය යුතුයි
 යන්න මගේ හැගීමයි. මම දන්න තරමින් අහිංසක සතුන් අමු අමුවේ බොහෝ දෙනා ඉදිරියේ දෙවියන් උදෙසා යයි කියමින් නිරපරාදේ
මෙලොවින් තුරන් කිරීම් කිසිවිටකත් අනුගමනය කල නොහැක. සුන්දර බුදු දහමින් පෝෂීත වූ අපිට මෙවන් අපරාධ වන්නට ඉඩ දිය හැකිද?
මෙවන් කටයුතු වලින් සිදුවන්නේ සතුන්ගේ ජීවිත අහිමීවීම පමණක්ම නොවේ. සත්තකින්ම මේ හරහා මිනිස් ජීවිතවල තිබෙන්නාවූ සුළු හෝ මනුසත් කමත්
වියැකී යනු ඇත. මිට සුළු කාලයකට පෙර ජාතියක් ලෙස අපි අපේ ජීවිත කෙරෙහි කොතරම් බියෙන් සිටියෙමුද? අපේ හිත මිතුරන් තකාපමණක් අපෙන් සදහටම වෙන්ව ගියේද?
ලේ ගංගාවලින් මිහිතලයම කම්පා කරවූයේද? ඒ යුගය මතක් කරන විටත් සිතට කොතරම් නම් දුකක් දැනෙන්නේද? සත්ව ජීවිතත් අපේ ජීවීත මෙන්ම සංවේදීතාවයෙන් පිරී ගොස් ඇති බව අපි මෙන්ම මෙවන්
අපරාධ සිදුකරණු ලබන ඝාතකයින් පවා සන්සුදක් සේ දන්නා බව නොරහසකි. මෙරට සිටින මිනිසුන්ගෙන් හැම ආගමකම ආභාශය අරගෙන ආගම නිගාවට පත් කරන්නේද අපේම උදවියම බවද කණගටෙුවට කරුණකි.
හිත් පිත් නැති අධමයින් සේ සිදු කරන මෙවන් අපරාධ වහාම නැවැත් විය යුතුය. ඒ සදහා අපි එකාවන්න කටයුතු කරමුග 12 වැනි දිනට ඇත්තේ තව ටික දිනකි. අපිට මේ වෙනුවෙන් කරන්නට හැක්කේ කුමක්ද යන්න  පිළබදව
මම මෙන්ම බොහෝ දෙනා දැනගැනීමට කැමැත්තෙන් ඇති බව මම දනිමු. එන්න මේ ගැන කතාකරන්න විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් පෙළගැසෙන්න.

Wednesday, September 7, 2011

ඔබ කවර ලෙස කිපෙන කෙනෙක්ද? (පුද්ගල වර්ග 3)

මේ ලෝකය හරිම පුදුමාකාරයි. මිනිස්සු හරිම විවිධයි. මේ විවිධාකාර වූ පුද්ගලයන් ප්‍රධාන වශයෙන් වර්ග 3කි.
මෙම පුද්ගලයන් මෙසේයී.(අංගුත්තර තික නිපාත-130)


1.ගල මත ලිවීම සේ උපමා කල පුද්ගලයා
2.පොලොව මත ලිවීම සේ උපමා කල පුද්ගලයා
3.ජලය මත ලිවීම සේ උපමා කල පුද්ගලයා 



1.ගල මත ලිවීම සේ උපමා කල පුද්ගලයා

 නිතර නිතර කිපෙන පුද්ගලයකුගේ ක්‍රෝධය දිගු කලක් සිත තුල රුදී පවතියී නම්,ගලක් මත ලියූ දෙයක් වාතයෙන් හෝ ජලයෙන් පහසුවෙන් නොමැකී යන්නා
සේ සිත තුල ක්‍රෝධය,තරහව පැසවමින් පවතියි. එවන් පුද්ගලයින් මෙයින් විග්‍රහ කර ඇත.


2. ලිවීම සේ උපමා කල පුද්ගලයා
 

යම් පුද්ගලයකු නිතර කිපෙන පුද්ගලයකු වූවත් ඔහුගේ ක්‍රෝධය දිගු කලක් සිත තුල රුදී නොපවතියී නම්,
පොලොව මත ලියූ දෙයක් වාතයෙන් හෝ ජලයෙන් පහසුවෙන් මැකී යන්නා
සේ සිත තුල ක්‍රෝධය,තරහව පැසවමින් නොපවතියි. එවන් පුද්ගලයින් මෙයින් විග්‍රහ කර ඇත.


3.ජලය මත ලිවීම සේ උපමා කල පුද්ගලයා 
 

යම් පුද්ගලයකු රළු වචන ද,පරැෂ වචන ද, අමනාප බස් ද ඇසුවද, ඒ සැම ඉවසා සාමදානව එක්වී සතුටු වේ නම්,ජලය මත ලියූ දේ ඉතා පහසුවෙන් මැකී යන්නා සේ ඔහු ඒ සැම ඉවසා සතුටින් දිවි ගෙවයි.එවන් පුද්ගලයින් මෙයින් විග්‍රහ කර ඇත.
එසේනම් මේ ත්‍රිවිධාකාර වූ පුද්ගලයන්ගෙන් ඔබකුමන ආකාරයේද යන වග අන් සැමටම වඩා එබ දන්නවා ඇත. සුදුසු දේ තොරාගෙන යහපත් ලෙස දිවි ගෙවීමට ඔබට
හැකිවේවායි පතමි. ඔබට සම්මා සම්බුදු සරණයි. 

(වෙනස් කල නොහැක්කක් නොමැත-බුද්ධියෙන් විමසා බලනු මැන)


මීලග ලිපියෙන් හමුවෙමු.

Tuesday, September 6, 2011

අනියත ජීවිතය හා නියතය මරණය(1)

ජීවිතං අනියතංමරණං නියතං- එනම් "ජීවිතය අනියතයි මරණය නියතයි" යනු බුදු දහමේ ඉතා ප්‍රසිද්ධ දේශනාවකි. මෙලොව උපන් සෑම සත්වයෙක්ම මරණයට පත්වන බව අපි දනිමු. එය ස්වභාවික දෙයකි. නමුත් අපි අපි සැවොම මරනණයට අකමැතිය. සත්තකින්ම මහත් වු බියක් දරන්නේය.සැබැවින්ම ඒ අපට මේ ස්වභාවය කත්රැම් ගත නොහැකි නිසාම සිදුවන දෙයකි. එසේම අපි අපේ මේ කුණුකයට මහත් අශාවක් ඇති නිසාවෙනි.
කුඩා දරැවෙක් මෙලොව එළිය දකින විට නෑදෑ හිත මිතුරන් මහත් සේ සතුටු වන්නේය. දරැවා බිහිකිරීමට මව දරණ වෙහෙස දරුවා දුටු සැනින් ඇයට අමතක වී යන්නේය. එහෙත් උපදින දරැවා හඩන්නේ ඔහුටද මෙලොව බිහිවන විට දුක් විදින්නට සිදුවන නිසා බව පැහැදිලිය. මෙසේ නොයක් දුක් විදිමින් තරුණ වියට පැමිණෙන මොහුද දිනෙන් දින වයසට ගොස් කාලයක් ගත වත්ම නෑදෑ හිතමිතුරු සියල්ලන්ම දුක් සයුරේ ගිල්වමින් මොලොවින් සමුගන්නේද මේ ලොව පවතින එකම දේ අනියත බව යන්න සැමට පසක් කරමිනි. මරණයෙන් බේරීමට කුමන උපක්‍රමයක් යෙදුවත් ඉන් මිදිමට කිසිසේත් නොහැකිය.මරණ අවස්ථාවේදී තමා රැස් කල ධනය මතකයට පැමිණේ. තමා වටේ සිටින දූ දරුවන් කමපා වන විට ඉමහත් දුකක් දැනේ.මේසාවූ කාලයක් අපහසුවෙන් රැකගත් මේ කය අතහැර දමා යන්නට කොතරම් දුකක් දැනුනත් අවසන අපට එය කරන්නටම සිදුවේ.නොයෙක් සිතුවිලි මැද මරණයට පත්වේ.මරණය නිසා ඇතිවන දුක භයංකාර වන්නේ අපේම නොදැනීම මුලාව නිසාමය. ඉමහත් ආශාවන් පොදි බැදගෙන ඒවා මතම වැඩ කරන නිසාමය. එබැවින් පින්වත් හිතවතුනේ... පරතෙරක් නොමැති ආශාවන් පොදි බැදහන්නවාට වඩා. මැදිහත්ව යහපත් සිතින් වැඩ කිරීම මහත් වටින බව පිළිගතයුතුම නොවේද? සිකන්න.. එය ඔබට බාරයි.




මීලග ලිපිය මරණ භය