සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Tuesday, June 14, 2011

මිහින්තලාවම එකළු වුණා මහින්ද මා හිමි වැඩම කලා

උතුම් බුදුහිමියන් තෙවරක්ම පා තැබූ මේ පින්සාර භූමියේ පැවතුණාවූ අවිදු අදුර දුරලමින් සොදුරු නිර්මල අමා දහම් පදයෙන් ලක්දනගේ හදවත් නහවන්නට උදාවූ සුවිශාල ආගමික වැදගත්කමක් ඇති පින්බර පොහෝ දිනයකි පොසොන් පොහෝ දිනය...
තවත් පැය කිහිපයකින් ඒ උතුම් දිනය උදාවනු ඇත.. බොහෝ බැතිමතුන් මේ වන විටත් අනුරාධපුරය ආශිත සිද්ධස්ථාන වැදපුදා ගැනීමට එහි ගොස් ඇත.
එවන් වූ වැදගත්කමක් මේ දිනයට ලැබී ඇත්තේ සුන්දර බුදු දහම මේ පින්බිමේ මුල්බැස ගත්තේ බු.ව. 237 දී පමණ උදාවූ පොසොන් පොහෝ දින අනුබුදු මිහිදු හිමියන් මෙහි වැඩම කල නිසාය... සත්තකින්ම හදවත් කරැණා දියෙන් තෙතබරිත වූ නිසාය.

මහින්දාගමනය

අශෝක අධිරාජ්‍යාගේ අග්‍ර දායකත්වයෙන් හා මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තෙවන ධර්ම සංගායනාව සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස අශෝක රජුගේ පුතනුවන් වූ මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිසක් ලංකාදීපයට එවීමට කටයුතුද සැලසුනි.
මේ වන විට මිහිදු හිමියන් වැඩ සිටියේ මෑණියන් විසින් කරවන ලද වේදිස ගිරි විහාරයේය.ලක් රජුගේ දෙවන අභිෂේකය හා දහම් පණිවිඩය අසා සිටි උන්වහන්සේ  ලග එන පොසොන් පොහෝ දින ලක්දිව මිස්සක පව්වට වැඩම කරන්නට සිතා ගත්තේය.
එවිටම සක් දෙවිදුන් කාරණය දිවැසින් දැක මිහිදු හිමියන් කරා එළඹ "ඔබ වහන්සේ ලංකාදීපයට වඩිනු මැනව. බුදුන් වහන්සේද මේ බව පරිණිර්වාණ මංචකයේදී වාදාලේය. අපිදු සියලු උපකර කරන්නෙමු" යි කීය.
සීත සුළන් රැලි දසතම සුසීතල කරමින්.. පොසොන් සදේ රැස් දහර දසතම ආලෝකමත් කරමින් පොසොන් පොහෝ දින උදාවිය. තිස්ස රජු චිරාගත චාරිත්‍ර අනුව රටවැසියාට සැනලකළි පවත්වන්නට නියම කර,තෙමේද හතලිස්දහසක් පිරිවර සමග දඩකෙළිය සදහා මිහින්තලා පව්ව වෙත ගියේය.මිහිදු හිමි කාරනට දිවසින් බලා පිරිවර සමග මිස්සක පව්වට ඍද්ධියෙන් වැඩම කලහ. රජු සිය පිරිසගෙන් ඇත් වූ  නිසා තන කමින් සිටි මුවකු (වෙස්ගත් පර්වත දේවතාවෙක්) දැක සන් කොට(දුවන්නට හැර) ඌ පසුපසින් මිස්සක පව්ව අසලින් යන විටදී...මිහිදු හිමියන් "තිස්ස මෙහි එන්න" යැයි මධුරස්වරයෙන් රජු ඇමතීය. ඒ වදනින් තැති ගත් රජු ඇමතූ හිමියන් "මහරජ ,අපි ධර්මරාජ වූ බුදුපියාණන්ගේ ශ්‍රාවකයන්ය.තොපට අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු" යි වදලහ.
එයින් පැහැදුන මෙසේ ඇසුවේය"ඔබ වහන්සේ කෙලෙසක මෙහි පැමිණියෙද?" එවිට තමන් ගොඩින් හෝ දියෙන් නොපැමිණි බව මිහිදු හිමි පැවසීය.(ඍද්ධි බලයෙන් පැමිණි බව) රජුගේ දැනුම විමසූ හිමියන් "චුල්ල හත්ථි පදෝපම සූත්‍රය" දේශනා කල සේක. අවසානයේ රජු සහ පිරිස සරණ සීලයේ පිහිටියහ. නික්ම යාමට පෙර දනට රජ මාලිගයට වඩින ලෙසද ආරාධනා කලේය. 
එතැන් පටන් පුරාණගත ඇදහිලි ක්‍රමයෙන් අඩුවියග සත්‍ය වාදීත්වය මුහුපුරා ගියේය.. ජනී ජනයා වෙලී සිටි අවිදු අදුර පොසොන් සද සමග පෑයූ අසමසම මිහිදු හිමියන්ගේ තේජාන්විත බාවයෙන් හා සුවසූදහසක් ධර්මස්කන්ධයේ ආනූභාවයෙන් වියැකි ගියේ මේ පින්වත් රටේ හදවත් පිංබර සිතිවිලි වලින් පුබුදුවාලමිනි.
එද මෙදා තුර කාළයේ බුදු දහම මහත් සේ පිළිගැනීමට ලක්විය.. බාදක අභියස නිබදව නොසැලෙන මෙවන් වූ සත්‍යවාදී දහමක් නම් නැත. හිමිවුන ඒ පින රැකගමු අපි අපේ දිවි හිමියෙන්. බුදුසරණයි!

__________________‍මෙන්න මේකත් කියවන්න__________


තව දෙයක් කියන්න ඕන පුළුවන් හැමොම ගිහින් මහින්දාගමනය චිත්‍රපටිය බලන්න. අති විශිෂ්ඨයි.
මෙන්න ඒකෙ වීඩියෝ කෑල්ලක්.



ඔයාගේ අදහස් දැනගන්න මමත් කැමතියි. ඇත්තටම ඒක ම‍ට ලොකු හයියක්..

1 comments:

බුදු දහම පිළිබඳ ව ගැඹුරින් විමසා බැලෙන අප ගේ නවතම වෙබ් අඩවිය වන "තීර්යක්" වෙත පිවිසෙන්න.
buddharashmi.blogspot.com

තෙරුවන් සරණ යි!

තීර්යක් සරු නිසරු දෙය වෙන් ව දකින්න ට...

Post a Comment