සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Sunday, June 5, 2011

සතුන් ඝාතනය වන්නේ මිලදී ගන්නා නිසා නොවේද?

මජ්ඣිම නිකායේ 55 වැනි "ජීවක" සූත්‍රයේ බුදුන් වහන්සේ මෙසේ දේශණා කළ සේක...

"ජීවක,අවස්ථා 3කදී මාංශ අනුභව නොකළ යුතුයි. එනම්,
1.දිට්ඨං-දක්නා ලද නම්(අවබෝධ කරගත්තේ නම්)
2.සුතං-අසන ලද නම්(ඇසීමෙන් දැනගත්තේ නම්)
3.පරිසඩ්කිතං-සැක කළේ නම්(සැක සහිත නම්)

"ජීවක,අවස්ථා 3කදී මාංශ අනුභව කළ යුතුයි. එනම්,
1.අදිට්ඨං-නොදක්නා ලද නම්(අවබෝධ කරගත්තේ නැති නම්)
2.අසුතං-නොඇසූ ලද නම්(ඇසීමෙන් දැනගත්තේ නැති නම්)
3.අපරිසඩ්කිතං-සැක කළේ නැති නම්(සැක සහිත නැති නම්)

වෙළදසල් වලින්, වෙළෙන්දන්ගෙන් සතුන්ගේ (කුකුලන්,එළුවන්,හරකුන්,ඌරන්,මත්ෂ්‍යයින්) මංශ අප මිලදීගනී. 

ඒ සතුන්ගේ අසරණ ජීවිත නැතිවීමට හේතුව අපද?
සත්වයන්ගේ ගෙල කයින් වෙන්වන්නේ ඝාතකයන් හට අපි මුදල් දෙන නිසා නොවේද?
"මිල දෙන නිසා ඝාතනය කරති." 
සැබැවින්ම මෙයට හේතුඵල දහම ඍජුවම බලපායි.
කන්හ දීපායන ජාතකය මෙයට කදිම උදාහරණයකි.(කන්හ දීපායන ජාතකය මෙතනින් click කර බැලිය හැක.)
ඒ තාපසයානන් උල ගසනු ලැබුයේ පෙර භවයක කුඩා දරුවකුව සිටියදී සමනළයකු කූරකින් උල ගැසූ නිසාය. එයට අපායේද දුක් වින්දේය.
සත්ව මාංශවල පවතින පෝෂක කොටස් සෝයා ආහාර වර්ග,බෝංචි,පරිප්පු ආදියෙහි ඒ හා සමානවම පවතී.
අලි ඇතුන් වැනි සතුන් ‍ගේ ශක්තිය කොතරම් අරුමයක්ද? නමුදු ඔවුන් ශාක භක්ෂකයන්ය...
සිතන්න...
මස් මාංශ ගෙන දිව පිනවා ඝාතනයකට අනුබල දී, තමන්ගේ ශරීරය අමු සොහොනක් කරගන්නවාට වඩා 
අවිහිංසාවෙන් ජීවත්වීම වඩා නොවටින්නේද?   

1 comments:

කෙටියෙන් වුවත් කිවයුතු ම කරුණු රැසක් අන්තර්ගත ලිපියකි.

නා උයනේ අරියධම්ම හිමියන් ගේ මහා පරිණිබ්බාණ සූත්‍ර ධර්ම දේශනය ද, මෙය ට එක්වූයේ නම් තවදුර ට ත්, මේ කරුණ පැහැදිලි වනු ඇත. තෙරුවන් සරණ යි!

තීර්යක්

Post a Comment