සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Friday, June 10, 2011

.....බුදු දහම, දහම් අධ්‍යාපනය සහ අපි.....

තිලොවක්ම එකළු කරමින්, සැමටදනාටම අමා සුවය ගෙනදුන් ඒ  බව දුකට වෙදැදුරාණන් බදු වූ තිලෝතිලක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වසර 2500 කට වැඩි කාලයක් ගතව ගියද නොනැසී පවතී. ඒ උතුම් සත්‍යය සැමවිටම පසක් කරමින් විවිධ කාලයන්හි විවිධාකාරවූ අසිරිමත් සිදුවීම් පවා අපට අහන්නට දකින්නට ලැබුණි.


ලෝකය සීඝ්‍ර ලෙස තාක්ෂණය දියුණු කරණ මොහොතක මිනිසත්කම වියැකී යනවාදෝ මට සිතේ..
එයට පසක් වු හේතු විශාල ප්‍රමාණයකි. මිනිසුන් තරගයට එකිනෙකාට වඩා ඉහලට යන්නට වෙරදරයි. මේ නිසාම ඔවුන් අතින් නොසිතන ලෙස වැරදිද සිදුවෙයි.
අහංකාරකමින් දරුවන් පවා පුරවාලමින්.. තරගකාරී අධ්‍යාපන රටාවකට පමණක් කොටු කිරීමට දෙමාපියන් වෙර දරයි. එහෙත් ඔවුන් එසේ සිතීමෙන් උගත්කමින් යුතු ගුණමකුවන් පිරිසක් බිහිවන බව අනිවාර්ය කරුණකි. කොතරම් කෑ ගසා තමන් බෞද්ධයකු යැයි කීවත්.. දහම් අධ්‍යාපණයක් නොමැති නිසාම අද වන විට මිනිසුන් අතර ආත්මාර්තය මුහුපුරා ගොස් ඇත.  දහම් පාසලක් වෙත දරැවන් යැවීමට උනන්දු නොවීම මා දකින සුවිශාල අඩුපාඩුවකි..
මිනිසත්කමින් සපිරුනු යහපත් සමාජයක් බිහිකිරීමට උගතුන් අවැසි සේම.. ඒ උගත් කම තමන්ගේ ආගම දහමටද යොදාගැනීම අප සතු වගකීමකි. එසේම යුතුකමකි.
බොහෝ දරුවන් හට ඉරිදා දින උදාවන්නේ ටියුසන් පන්තියේ සීනු හඩ සමගිනි..
අපොස සාමාන්‍යපෙල/උසස්පෙල විභාග හදාරන අපි දහම් පාසල් යන්නේ අවසාන විභාගයේ අයදුම් පත්‍ර එනතුරු වීමද කණගාටුවට කරුණකි. නොමිලේ පවත්වන මේ විභාගයේ ප්‍රශ්ණ පත්‍ර මේ වසරේදීත් දස දහස් ගනන් අපතේ ගොස් ඇත. රටේ දියුණුව ගැන කතාකරන අපි අපේ අතින් සිදුවන සාපරාදී ක්‍රියාවන් ගැන සිතන්නේවත් නැත.
බෞද්ධ දර්ශණය තරම් සත්‍යවාදී දහමක් උපන් බිමේ මුල් බැස තිබියදීත් අපෙන් වන සුළු සුළු අගහිගකම් නිසා සමාජයම පිරිහීමට පත්ව ඇත.
අනෙකෙකුට අත දිගු කරණවාට වඩා තමාගේ වටිනාකම හරිහැටි ඉටුකරන්නට අපි වග බලා ගමු. එවිට සුන්දර සිතක් ඔබට හිමිවේවි.

0 comments:

Post a Comment