සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Monday, May 2, 2011

එන්න ධර්මය දකින්න
 ඉපදෙමින්, මියයමින්, විවිධ වූ ආහාවන් පොදිබැද ගනිමින් සසර පුරාවට නොවිදිනා දුක් විදිමින් සැරිසරන ලෝක සත්වයාගේ යථා ස්වභාවය කල්ප කාලාන්තරයක් මුළුල්ලෙහි දැරූ මහගු උත්සහයේ අවසන් ඵලය ලෙස අවබෝධ කරගනිමින්, ලොව පුරා පැතිරීගිය ආත්මාර්ථය දුරු කරමින් පරාර්ථකාමීත්වයට මූලාරම්භයක් තබමින්, සුවහසක් දනමන අමදම් සිසිලසින් පුරවාලූ ඒ උතුම් සම්බුදුපියාණන් වහන්සේගේ සත්පුරැෂත්වය මෙතෙකැයි කියා නිමකල නොහැකිය. 
 2011 වෙසක් පුර පොහෝදිනය වනවිට ඒ උත්තම නායකයාන‍ණෝ අප සැම වෙනුවෙන් සම්බුද්ධත්වයට පත්වී වසර 2600 ගතවන බව මේ වනවිට සියල්ලෝම දන්නා කරුණකි.
 ඒ උතුම් තෙමගුල වෙනදාමෙන් ඔප දමාගත් අලංකාරයෙන් පමණක් හදවත් සනසාගන්නට තැත් නොකොට... සිත,කය,වචනය සංවර කරගෙන පර්තිපත්තිමය පූජා සිදුකිරීමට ඔබට හැකිනම්, එය අන් සැමදෙයකටම වඩා වටිනවා ඇත. සිතේ ආශාව දුරුකොට  සිතේ පැසවන වෛරය, තණ්හාව දුරුකොට, ආත්මාර්ථයෙන් මිදී පරාර්ථය වෙනුවෙන් යම් දෙයක් කරන්නට ඔබට හැකිවනු ඇත.
ඒ නිසැවෙන් ඔබත් නමට පමණක් බෞද්ධයකු නොවී එන්න ධර්මය දකින්න. ඔබට සම්බුදු සරණයි.

0 comments:

Post a Comment