
සසර දුක නිවන මග(නිවන් මග)
මේ සසර දුකින් මිදීමට නම්- සසර ගමන නැවැත්විය යුතුය
සසර ගමන නැවැත්වීමට නම්- නිවන් දැකිය යුතුය(යලි උපත නැති කිරීමට)
නිවන් දැකීමට(යලි උපත නැති කිරීමට) නම්- තෘෂ්ණාව නැතිකල යුතුය (ලෝභ,ද්වේෂ,මෝහ)
තෘෂ්ණාව(ලෝභ,ද්වේෂ,මෝහ) නැති කිරීමට නම්- ලෝක සත්‍යය අවබෝධ කරගත යුතුය(චතුරාර්ය සත්‍ය)
ලෝක සත්‍යය අවබෝධ කරගැනීමට නම්- ප්රඥාව දියුණු කල යුතුය
ප්රඥාව දියුණුකර ගැනීමට නම්- විදර්ශනා භාවනාවන් වැඩිය යුතුය
විදර්ශනා භාවනාවන් වැඩිමට නම් - විසිරෙන සිත එක් තැන් කල යුතුය
විසිරෙන සිත එක් තැන් කිරීමට නම් - සමථ භාවනාවක් වැඩිය යුතුය
සමථ භාවනාවක් වැඩීමට නම් - කුසල ශ්රද්ධාව දියුණු කල යුතුය
කුසල ශ්රද්ධාව දියුණු කිරීමට නම් - ශිලයක පිහිටා නිතර ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිකළ යුතුය
ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිකිරීමට නම් - සූවිසි ගුණය පිළිබද අවබෝධයක් ලබාගත යුතුය
සූවිසි ගුණය-බුදුගුණ නවය(9)
දහම් ගුණ හය (6)
සංඝ ගුණ නවය(9)
(සුවිසි ගුණය පිළිබද හැදින්වීම ලගදීම)
0 comments:
Post a Comment