සම්මා සම්බුදු සරණයි ඔබට!
සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.
5:14 AM
sadahathisuwada

මිනිසා දුක් විදින්නේ භාහිර දේ නිසා නොව තමාගේ සිතෙහිම ඇතිවන මනඃකල්පිත
හැගීම් මෙන්ම වැරදි නිගමන නිසාමය. මරණයෙන් මතු මොන තැනක උපදීදැයි සැකයක් පවතී.
ආනාගත බලාපොරොත්තුව නිසාම ජීවිතය ගැන බිය ඇතිකරනු ඇත. මරණය හුදෙක් භයානක නොවෙයි.
නමුත් ඒ ගැන සිතීම නිසාම බිය උපදවයි. ජීවිතයේ යථාස්වභාවය දකින්නට ඇති අකමැත්ත නිසා අපි සත්‍යය ඉදිරියේ බියට පත් වන්නෙමු.
තමුත් සත්‍යය අවබෝධය තුලින් බිය තුරන් වේ. එවිට මරණයට නොබියව මුහුණදෙන්නට හැකිවේ.
උපන් සත්වයා ඊතලයක් මෙන් මරණය කරා...
10:54 PM
sadahathisuwada

භෞතික සැප සම්පත්, ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුව නිසාම අදවනවිට මිනිසා ස්වභාවධර්මයේ
හඩට ඇහුම්කන් නොදී අනාගත ජීවිතයේ සතුට ගැන ඉහවහා ගිය සිතුම් පැතුම් වලින් මනස ස්වයං
මුලාවකට පත්කගෙන ඇත.
ඒ නිසාම අනාගතය ගැන සිහින මවනවා හැරෙන්නට අමිල වටිනාකමක් ඇති වර්තමානය පිළිබදව
සහමුලින්ම අමතක කොට ඇත.
සත්තකින්ම මුළු මහත් මනුෂ්‍ය සංහතියම මෙවන් වූ ආකාරයෙන් අස්වාභාවික ලෙස හැසිරෙන්නේ
අපගේ වටිනා වූ මනුෂ්‍ය ජීවිතය හා අවසන් අරමුණ පිළිබදව ඇති වැරදි ආකල්පයන් නිසාය.
මේ නිසාම වත්මන්...
6:55 AM
sadahathisuwada

කනස්සල්ල හා බිය යනු එකිනෙකටයා වුනාවූ ද්විත්ව අපලයකි.
සත්තකින්ම එය මේ මුළු ලෝකය පුරාම පවතී. ඔබ කණගාටුවෙන් සිටී කියා සිතෙන විට ඔබ සිටින්නේ
දුකිනි.ඔබ දුකින් සිටී කියා සිතෙන විට ඔබ සිටින්නේ කණගාටුවෙනි.අපි මේ දෙයට සත්‍යය ලෙස මුහුණ දිය යුතුය.අපට මේවායින් පැන යා නොහැකිය.එනමුත් දුක සහ බිය යන මේවාට අප ඉක්මවා යාමට ඉඩ නොදිය යුතුය.අනිවාර්යෙන්ම අප ඒවා ජයගත යුතුය.අපේම වීර්යය නිවැරදි ලෙස හොද අධිෂ්ඨානයක් සහ ඉවසීම සහිතව යෙදුවහොත් එය කල හැකි වේ.චිත්ත වේගාත්මක...
1:25 AM
sadahathisuwada
ඇත්තටම මේ වෙලාවේ මේ වගේ පෝස්ට් එකක් දාන්න වෙයි කියලා කවදාවත් මම හිතුවෙ නෑ.
ඒත් අවාසනාවන්ත ලෙස සිදුවෙන්න යන මහා අපරාධයක් වෙනුවෙන් අප නිසැකවම නැගී සිටිය යුතුයි
යන්න මගේ හැගීමයි. මම දන්න තරමින් අහිංසක සතුන් අමු අමුවේ බොහෝ දෙනා ඉදිරියේ දෙවියන් උදෙසා යයි කියමින් නිරපරාදේ
මෙලොවින් තුරන් කිරීම් කිසිවිටකත් අනුගමනය කල නොහැක. සුන්දර බුදු දහමින් පෝෂීත වූ අපිට මෙවන් අපරාධ වන්නට ඉඩ දිය හැකිද?
මෙවන් කටයුතු වලින් සිදුවන්නේ සතුන්ගේ ජීවිත අහිමීවීම පමණක්ම නොවේ. සත්තකින්ම මේ හරහා මිනිස් ජීවිතවල තිබෙන්නාවූ සුළු හෝ මනුසත් කමත්
වියැකී යනු ඇත. මිට සුළු කාලයකට පෙර ජාතියක් ලෙස අපි අපේ ජීවිත කෙරෙහි කොතරම් බියෙන් සිටියෙමුද? අපේ හිත මිතුරන් තකාපමණක් අපෙන් සදහටම වෙන්ව ගියේද?
ලේ ගංගාවලින් මිහිතලයම කම්පා කරවූයේද?...
5:37 AM
sadahathisuwada

මේ ලෝකය හරිම පුදුමාකාරයි. මිනිස්සු හරිම විවිධයි. මේ විවිධාකාර වූ පුද්ගලයන් ප්‍රධාන වශයෙන් වර්ග 3කි.
මෙම පුද්ගලයන් මෙසේයී.(අංගුත්තර තික නිපාත-130)
1.ගල මත ලිවීම සේ උපමා කල පුද්ගලයා
2.පොලොව මත ලිවීම සේ උපමා කල පුද්ගලයා
3.ජලය මත ලිවීම සේ උපමා කල පුද්ගලයා
1.ගල මත ලිවීම සේ උපමා කල පුද්ගලයා
නිතර නිතර කිපෙන පුද්ගලයකුගේ ක්‍රෝධය දිගු කලක් සිත තුල රුදී පවතියී නම්,ගලක් මත ලියූ දෙයක් වාතයෙන් හෝ ජලයෙන් පහසුවෙන් නොමැකී යන්නා
සේ සිත තුල ක්‍රෝධය,තරහව...
9:55 PM
sadahathisuwada

ජීවිතං අනියතංමරණං නියතං- එනම් "ජීවිතය අනියතයි මරණය නියතයි" යනු බුදු දහමේ ඉතා ප්‍රසිද්ධ දේශනාවකි. මෙලොව උපන් සෑම සත්වයෙක්ම මරණයට පත්වන බව අපි දනිමු. එය ස්වභාවික දෙයකි. නමුත් අපි අපි සැවොම මරනණයට අකමැතිය. සත්තකින්ම මහත් වු බියක් දරන්නේය.සැබැවින්ම ඒ අපට මේ ස්වභාවය කත්රැම් ගත නොහැකි නිසාම සිදුවන දෙයකි. එසේම අපි අපේ මේ කුණුකයට මහත් අශාවක් ඇති නිසාවෙනි.
කුඩා දරැවෙක් මෙලොව එළිය දකින විට නෑදෑ හිත මිතුරන් මහත් සේ සතුටු වන්නේය. දරැවා බිහිකිරීමට මව දරණ වෙහෙස...