සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Saturday, September 14, 2013

කර්මය(1.කොටස- මිනිසුන්ගේ විවිධත්වය)

තෙරුවන් සරණයි මා ප්‍රිය මිතුරනි. හුගක් කාර්යය බහල අවදියකයි මම පසු වුනේ.. නමුත් මේ වන විට පුංචි නිදහසක් ලැබී තියෙනවා.
වෙන මුකුත් නිසා නෙමෙයි. මම පුංචි අනතුරකට මුහුණ පෑවා. මාගේ වෛද්‍යයතුමා පවසන ලෙසට ටික දවසක් එකතැන් වන්නට මට සිදුව තිබෙනවා.

මේ කාලය මට සේම ඔබටත් වටින ලිපි පෙළක් දාන්න මම අදහස් කරනවා.

මේ කර්මය ගැන ලියවුනු ලිපියක්

සැදැහැ සිතින් කියවා අවබෝධ කරගනිත්වා.





කර්මය හා පුනර්භවය බුදුදහමේ මුලික ඉගැන්වීම් වලින් එකකි.

බුදුන් වහන්සේ පහළවීමට පෙර සිටම මෙම ඉගැන්වීම භාරතයේ පැවතුනද මෙම කරුණ පිළිබදව නිසි ලෙස විග්‍රහ කලේ බුදුන් වහන්සේ විසින්ය. 

මෙළොව උපදින මිනිසා විවිධව විෂමව උපදින්නේ නිසැකවම කුමන හෝ හේතුවක් ඇතිව බව නොරහසකි.
ඇතැමෙක් බොහෝ ධන-ධාන්‍ය,  යාන- වාහන අතැතිව ධන කුවේරයන් සේ බිහිවන්නා සේම. 
තවත් කෙනෙක් හිගන්නන් සේ දිවි ගෙවති.
නමුත් මෙසේ මිනිසාට පළ දෙන විපාකයන්හි හේතුව දැනගැනීමට නොහැකි වනවා සේම.. එම හේතු (චුතිය සහ උප්පත්තිය පිලිබඳව)තොරතුරු
දැනගන්නට අභිඥ්ඥා ලාභින්ට හැකි බව බුදුදහමෙහි ඉගැන්වේ.

මිනිසුන්ගේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ කවුරුන් හෝ විසින් මෙම ලෝකය මැවූ බවයි. නමුත් බුදු දම මෙම අදයස සම්පූර්ණයෙන්ම බැහැර කරයි.
ඇතැම් විට බොහෝ දෙනා අතර සමානකම් ජානගතව පැවතෙනවා යැයි කීම සාධාරණ වූවද, අසමානකම් එසේ විග්‍රහ කළ නොහැක්කේ මන්ද?
මෙළොව උපදින නියුන් දරුවන් වූවද විවිද ගති ලක්ෂණ වලින් සමන්විත වීම මෙයටහොදම උදාහරණයකි..
බොහෝ පින්වත් පවුලක වූවද පාපකාරී දුසිල්වත් දරුවන් ලද අවස්ථා කොතෙකුත් අප දැක අත්ද?
එසේම පාපයෙහි ඇලී ගැලී සිටින පවුලක රහත්වීමට පිනැති දරුවන් ඉපදුනු බව පිලිබද කාථා පුවත් ධර්මයෙහි කොපමණක් නම් සඳහන් වෙයිද?
සැබැවින්ම ආරය පිලිබද කරුනේදී බො‍හෝ විට භෞතික ස්වභාව යම්තාක් දුරට විවරණය කළ හැකි වුවද බුද්ධිය හා හැසිරීම පිළිබදව විවරණය සාධාරණීකරනය කළ නොහක.

බුදු දහමට අනුව මේ අසමානතාවයට හේතුව ආරය හා පරිසරය පමණක්ම නොවේ. කම්ම නියාමයෙහි ක්‍රියාකාරීත්වය හෙවත් අප අතීතයේ කළ කියාවන් නිසා අප රැස් කරගත් 
උරුමය සහ වත්මන් ක්‍රියා කළාපයේ ප්‍රථිපලයයි.

සැබැවින්ම මේ සෑම දේටම වගකිව යුත්තේ අපමයි. අප නොපිළිගන්නා කටුක සත්‍යය එයයි.


මෙම අසමානත්වයට හේතු
මිනිසුන් අතර පවත්නා විග්‍රහ කිරීමට අපහසු මෙම අසමානතාවයට හේතුව දැන ගැනීමට කැමැත්තෙන් පසුවූ සුභ නම් තරුණයෙක් දිනක් පුදුන් වහන්සේ අභියසට පැමින මේ පිළිබඳව විමසීය.
ස්විමීනි භාග්‍යවතුන් වහන්ස

මිනිසුන් අතර ඇතැමෙක් අල්පායුෂ(අඩුකාලයක් ජීවත් වීම) වන්නටත් 
තවත්  සමහරෙක් දීර්ඝායුෂ(වැඩි කාලයක් ජීවත් වීම) වන්නටත්,

ඇතැමෙක්ට ලෙඩ රෝග වැඩි වන්නටත්,
තවත් සමහරෙක්ට ලෙඩ රෝග අඩු වන්නටත්.

ඇතැමෙක් දුර්වර්ණ වන්නටත්,
තවත් සමහරෙක් පැහැපත් වන්නටත්.

ඇතැමෙක් අල්පේශාක්‍යව(දුබලව)සිටියදී,
තවත්  මහේශාක්‍යව(ප්‍රභලව) සිටීමටත්.

සමහරුන් දුප්පත් ව සිටියදී,
තවත් සමහරෙක් පොහොසත් වන්නටත්. 

සමහරුන් පහත්ව උපදිත්දී 
තවත් සමහරෙක් උසස්ව උපදින්නටත්.

සමහරුන් මන්ද බුද්ධිකව උපදිත්දී 
තවත් සමහරෙක් ප්‍රඥාවන්තව උපදින්නටත් 

හේතුව කුමක්ද? යැයි ඇසීය


එයට පිළිතුරු වශයෙන් උන්වහන්සේ මෙසේ දේශනා කළ සේක.
කම්මස්සකා මානව සත්තා,කම්මදායාදා , කම්මයොනි, කම්ම බන්ධු,කම්මපටිසරණා,කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතාය.(මජ්ඣිම නිකාය -අංක 135 චුල්ල විභංගසූත්‍රය)
තේරුම- සියළු සත්ත්වයෝ කර්‍මය ස්වකීය (තමා අයත් කොට) ඇත්තාහ. කර්‍මය උරුම කොට ඇත්තාහ. කර්‍මය උප්පත්ති ස්ථානය කොට ඇත්තාහ. කර්‍මය ඥාතියකු කොට ඇත්තාහ.
කර්‍මය උරුම කොට ඇත්තාහ. කර්‍මය උරුම කොට ඇත්තාහ,කර්‍මය සත්ත්වයන් උස් පහත් වශයෙන් බෙදන්නේ වෙයි.


පසුව උන්වහන්සේ කර්මය හා විපාකය පිලිබඳ නියාමයට අනුව මේ විෂමතාව මෙසේ විග්‍රහ කළ සේක.

ආයුෂ අඩුවීම හෝ වැඩිවීම
යමෙක් ප්‍රාණවධයෙහි යෙදෙයි නම්, ලේ තැවරුණු අතින් මරමින්, හිරිහැර කරමින්, අනුකම්පාවකින් තොරව දිවි ගෙවයි නම්, මිනිසුන් අතර උපදින විට  අල්පායුෂ(ආයුෂ අඩුව)  උපදී.

යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකී, අවි ආයුධ ඉවත දමා සියළු සතුන් වෙත අනුකම්පාවෙන් වසයි නම් එහි අනුහසින් මිනිසුන් අතර උපදින විට  දීර්ඝායුෂ(ආයුෂ වැඩිව)  උපදී.

ලෙඩ වීම හා නොවීම
යමෙක් අතින් පයින්,පොලු වලින් හෝ අනුන්ට පහර දෙමින් හිරිහැර කරයි නම් එහි විපාක ලෙස මිනිසකුව ලෙස උපන් විට විවිධ ලෙඩ රෝග වලින් පීඩා විදියි.

එසේම යමෙක් අනුනට හිරිහැර පීඩා නොකරයි නම්, එම කුසලය හේතුවෙන් මිනිස් ලොව උපන් විට මනා සෞඛ්‍යය ඇතිව උපදී.

විරෑපි වීම හා සුරූපී වීම
යමෙක් දිවේශ සහගතව,කෝප බහුලව, ඉතා සුළු දෙයින් පවා කිපෙමින් කෝපය ප්‍රකට කරයි නම්, මිනිසුන් අතර  උපදින විට විරූපී වෙයි.
එසේම යමෙක් දිවේශයකින් තොරව,කෝපයකින් තොරව, මිනිසුන් හා අමනාප නොවී ප්‍රසන්නව වසයි නම්, මිනිසුන් අතර  උපදින විට සුරූපී වෙයි.

දුබල වීම හා ප්‍රභල වීම
යමෙක් ඊර්‍ෂ්‍යා සහගතව,අනුන්ගේ දියුනුවට ඊර්‍ෂ්‍යා කරමින් හදෙහි එය රඳවා ගනියි නම් මිනිසුන් අතර  උපදින විට අල්පේශාක්‍යව(දුබලව) වෙයි.
යමෙක් ඊර්‍ෂ්‍යා විරහිතව,අනුන්ගේ දියුනුවටසතුටු වී හදෙහි එය රඳවා ගනියි නම් මිනිසුන් අතර  උපදින විට මහේශාක්‍යව(ප්‍රභලව)වෙයි.

දුගී බව හා පොහොසත් බව
යමෙක් කිසිවක් කිසිවෙකුට නොදෙමින්, දන්දිමෙන් වැළකී සිටී නම් මිනිසුන් අතර  උපදින විට දුගී බවට පත්වෙයි.
යමෙක් දන් දීමෙහි නිරත වෙයි නම්  මිනිසුන් අතර  උපදින විට පොහොසත්ව බවට පත්වෙයි.

උසස් වීම හා පහත් වීම
යමෙක් තද ගති ඇතිව අනුන් හෙළා දකිමින් ගරුකළ යුත්තන්ට ගරු නොකරමින් වසයි නම්, ඒ හේතුවෙන් මින්සුන් අතර උපදින විට පහත්ව උපදී.
යමෙක් නිරහංකාරව අනුන්ට ගරැ කරමින් දිවි ගෙවයි නම් අනතිමානය හේතුවෙන් මින්සුන් අතර උපද්න විට උසස් ජන්මයකි ලබයි.

අඥානවීම හා නැණවත් වීම

යමෙක් සිල්වත් ගුණවත් උතුමන් හමුවී කුසල්-අකුසල් , හරි වැරදි පිළිබඳව හා අභිවෘද්ධියට හා පරාභවයට හේතු පිලිබඳව නොවිමසයි නම් එහි ප්‍රථිපල වශයෙන් මින්සුන් අතර උපදින විට අඥානව උපදියි.

යමෙක් සිල්වත් ගුණවත් උතුමන් හමුවී කුසල්-අකුසල් , හරි වැරදි පිළිබඳව හා අභිවෘද්ධියට හා පරාභවයට හේතු පිලිබඳව නොවිමසයි නම් එහි ප්‍රථිපල වශයෙන් මින්සුන් අතර උපදින විට නැණවත්ව උපදියි.

අපි අපදින විට අපට ආරය නිසා ලැබෙන ජන්මීය ලක්ෂණ ඇතිබව ප්‍රතික්ෂේප කළ නොහැක.
නමුත් විද්‍යාවට පැහැදිලි කළ නොහැකි වෙනත් සහජ හැකියාවන්ද අපට උරුම වන බව සත්‍යයකි.
අපගේ පැවැත්මේ න්‍යෂ්ටිය බඳු වූ ශුක්‍රාණු හා ඩිම්බය නම් දළ සාධකය වෙනුවෙන් අපි අපේ මාපියන්ට ණය ගැති වෙමු.
නමුත් කළලය සම්භවය වීමට අවැසි කර්ම ශක්තිය ලැබෙන තුර එම බීජ උදාසීනව පවතියි.
මේ සියල්ලෙන්ම ගම්‍ය වන්නේ අපේ උපත සඳහා වැදගත්ම කාරණය වන්නේ කර්මය බවයි.


අපගේ කායික හා චෛතසික ලක්ෂණ සකස් වීමෙහා ලා ඇතැම් විට මාපියන්ගෙන් ලැබෙන සෛලයන්ට වඩාබෙහෙවින් වැදගත් වන්නේ රාශිභූතව වූ පූර්‍වකර්මයන් බව පෙනේ.
මේ සඳහා හොඳම උදාහරණය වන්නේ අසමසමවූ මහා කාරුණිකත්වයෙන් පිරිපුන් උතුමු භාග්‍යයවතුන් වහන්සේයී
උන්වහන්සේටද දෙමාපියන් වෙතින් ජනක සෛල හා ජාන සෛල ලැබිනි. නමුත් රජ පරපුරේ අන් අය සේ සැප සම්පත් කෙරෙහි ගිජු නොවූඋන්වහන්සේ
සැමටම වඩා ශාන්ත, පිවිතුරු චරිතයක් වූ සේක. තවද, ලක්ඛණ සූත්‍රදැක්වෙන පරිදි උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂනයන්ගෙන් හෙබි වූ රූප -කාය සම්පත්තියකින් හෙබී වූයේ 
අන් කිසිවක් නිසා නොව පෙර ආත්මභාව වලදී කරන ලද කුශල කර්මයන්හි විපාක වශයෙනි.

එබැවින් මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ සැබැවින්ම අපි අපගේ උරුම කරුවෝ බවයි. 
මෙම විෂමතා පිළිබද ගැටළුව විස්තර කරමින් අත්තසාලිනියේ මෙසේ විස්තර කරයි.
කර්මය විවිදත්වය හේතුකොටගෙන උත්පත්තියේදී, උසස්-පහත්,හීණ-ප්‍රහීණ, සුඛිත හා දුක්ඛිත යනාධි විවිධත්වයෙන් ඇතිවේ.
කර්මයේ විවිධත්වය හේතුවෙන්ම සුරුපි විරූපී,උත්තම-අධම, පර්පූර්ණ-විකලාංග,ආධි වශයෙන් ඇතිවේ. කර්ම විවිධත්වය හේතුවෙන්ම පුද්ගලයන් අතර
ලාභ-අලාභ,යස-අයස,නින්දා -ප්‍රසංශා,සැප-දුක ආදී ධර්මතාවයන්ද පහළ වේ.

මේ අනුව බෞද්ධ ඉගැන්වම් වලට අනුව බලන කල,අප තුළ පවතින වර්තමාන මානසික,චර්යාමය හා බුද්ධිමය ගති ලක්ෂණ බහුල වශයෙන් බලපාන්නේ අතීත හා වර්තමාන කර්ම නිසා බව සඳහන් කිරීම වරදක් නැත.

නමුත් පින්වත් මිතුරනි,

සියල්ලම සිදුවන්නේ කර්මයෙන් යැයි කීමද බුදු දහම බැහැර කරන අතර එසේ වන්නට හේතු වන නියාම ධර්මයන් 5ක් ගැනද බුදු දහම තුල සැකෙවින් දක්වයි.
කර්මය නිසාම හැම දේ නොවේ යන ලිපියෙන් මීලගට හමුවෙමු.. එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.



ඔබේ ගැටළු -යෝජනා ඇත්නම් අපවෙත සදහන් කරන්න. ස්තූතියි.

0 comments:

Post a Comment