සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Thursday, March 5, 2015

මැදින් පොහොය

සිදුහත් තවුසාණන් බුදු බව ලැබීමෙන් අනතුරුව කාළුදායි තෙරුන්ගේ මඟ පෙන්වීම යටතේ ශාක්‍ය දේශයට වැඩම කළේ මැදින් පුර පසලොස්වක පොහොය දිනකදීය. විසිදහසකට අධික මහා සංඝ රත්නය සමඟ එහි වැඩම කළ උන් වහන්සේ මානයෙන් උදම්ව සිටි තම ඥාතීන්ගේ සැකය දුරැ කිරීමෙහිලා යමා මහ පෙළහරද පෑ සේක. එසේම වෙස්සන්තර ජාතකයද දේශනා කල සේක. ගිහිකල පියාණන් වු ශුදොවුන් රජුගේ තුන්වන වැඳීම සිදුවූයේද මෙදිනමය.

බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩීමෙන් පසු සියළු සැප සම්පත් පසෙකෙහිලා අල්පේච්ච දිවිපෙවෙතකට පත්ව සිටි යශෝදරාවන් බැහැදුටු උන් වහන්සේ පෙර ආත්මභාවයන් සිහිකොට සඳතිඳුරැ ජාතකය දේශනා කළ සේක.


(මෙම ලිපිය හා සබැදි ඔබ දන්නා වෙනත් කරැණු වේ නම්, ඒ පිධිබදව අප දැන්වත් කරන්න- තෙරැවන් සරණයි.
)

0 comments:

Post a Comment