සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Friday, March 6, 2015

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ - ලක්ඛන සූතුය ඇසුරෙන්

අප තිලොගුරු සම්මා සමුබුරජාණන් වහන්සේ මේ බව දේශණා කලේ ලක්ඛණ සුත්‍රය ඇසුරිණී.

1. සුප්පතිට්ඨිත පාදතා (මනාව පිහිටි පාද)
2. පාදතලෙසු චක්ක ලක්ඛණතා (දෙපතුල්හි චකු ලක්ෂණ)
3. ආයත පණ්හිතා (දික් ව පිහිටි විලුඹ  )
4. දීඝංගුලිතා (දික්ව පිහිටි ඇගිලි)
5.  මුදුතළුණ හත්තපාදතා(මෘදු මොළොක් අත් පා)
6. ජාල හත්තපාදතා(දැල් කවුළු බඳු අත් පා)
7. උස්සංඛ පාදතා (උස් වූ පාද)
8. ඒණි ජංඝතා (ඒණි මුවන්ගේ වැනි කොණ්ඩා)
9. ආජානුලම්බී හත්ථා (සෘජුව ද, දිග්ව ද පිහිටි දෙඅත්)
10. කෝසෝහිත වත්ථා ගුය්හතා(කය තුඝ සැඟවුණු පුරැෂ නිමිත්ත )
11. සුවණ්ණ වණ්ණතා (රන්වන් පැහැය)
12. සුබුමච්ඡවිතා (සියුම් ව පිහිටි සම)
13. ඒකේක ලෝමතා (එක් රෝම කුපයක ඇත්තේ එක් ලෝමයකි)
14. උද්ධග්ග ලෝමතා (උඩට නැමී දකුණට කැරකුණු ලෝම)
15. බ්‍රහ්මජ්ජුගතා (සෘජු වූ ශරීරය)
16. සන්තුස්සදතා (සත් තැනකින් පිරිපුන් බව)
17. සීහ පුබ්බද්ධකායතා (සිංහයකුගේ මෙන් පිරිපුන් කය)
18. චිතන්තරංසො (පිරිපුන් පිටක් ඇති බව)
19. නිග්‍රෝධ පරිමණ්ඩලතා (උසට ගැලපෙන මහත)
20. සමවත්තක්ඛන්ධතා (මනාව පිහිටි ග්‍රීවය)
21. රස්ග්ගසග්ගිතා (රසනහර ඇති බව)
22. සීහහනුතා (සිංහයකුගේ මෙන් පිරිපුන් හනු ඇති බව)
23. චත්තාලීස දන්තතා(සම සතලිස් දත් ඇති බව)
24. සමදන්තතා (සමව පිහිටි දත්)
25. අවිවර දන්තතා (විවර නොමැති දත්)
26.සුසුක්ක දඨතා (ඉතා සුදු පැහැති දත්)
27. පහූත ජීවහතා (දිග් වූ ගළල් වූ දිග)
28. බ්‍රහ්මස්සරතා (මිහිරි වූ කටහඩ)
29. අභිනීල නෙත්තතා (නිල්වන් දෙනෙත්)
30. ගෝපබුමතා (වසු පැටියකුගේ මෙන් සිනිඳු දෙනෙත්)
31. උණ්ණාලක්ඛණතා (ඌර්ණ රෝම ලක්ෂණය)
32. උණ්හීස සීසතා (පිරිපුන් නළල හා පිරිපුන් සිරස)


වැඩි විස්තර සදහා මෙම සූත්‍රය කියවන්න....  (http://www.nirvanadhamma.com/lk/dam-asura/tipitaka-grantha-asura!/thun-pitaka-asura!/tipitaka-index/l/lakkhana-sutta/
)


0 comments:

Post a Comment