සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Thursday, October 8, 2015

සේරුවාවිල අහසින් මතුවූ අසිරිමත් බුදුරුව

සේරුවාවිල චෛත්‍යය රාජයාණන් වහන්සේ අභියස පසුගිය වෙසත් පුර පසලොස්වක පොහෝ දිනයේ පැවැත්වූ පින්කමක් අතරතුර බැතිමතුන්ගේ දෑස් ඇදහිය නොහැකි අන්දමින් ගුවන් තලය සිසාරා මහා ආලෝකයක් විහිද ගොස් තිබුණා.. අනතුරුව මෙම ආලෝකය අතරින් සැමටම දැකගත හැකිවූයේ ගුවන සිසාරා පැතිරී ගිය සැතපෙන බුදුරුවකට සමාන දසුනක්... කෙසේ නමුදු මෙයින් ගම්‍ය වන්නේ උතුම් බුදුගුණයට නමස්කාර කරන්නාවූ දෙවියන් බඹුන් අදටත් මේ ලෝ තලයේ අප විස්වාශ නොකරන කථාවක් අපට කියන්නට උත්සහ ගන්නා අයුරු නොවේද? එ් අන් කිසිවක් නොව ලොව උතුම්ම සත්‍යය අදටත් වලංගුය යන කරුණම නොවේද? ඉතිරිය ඔබට භාරයි.... තිලොවක් සනසා වදාල උත්තම බුදුන් වහන්සේට නමස්කාර වේවා...! (විඩියෝව පහලින්)

2 comments:

මෙය කිසිසේත් ආශ්චර්යයක් නොවේ. ඒ අවස්ථාවේ අහසේ පිහිටි වලාකුලකට හිරු එලිය වැටීම නිසා ඇතිවූ ස්වභාවික සංසිද්ධියක් පමණි.

බෞද්ධයන් තුල හුදු භක්තිය ඇතිකිරීම සඳහා මෙයට කිසියම් ආශ්චර්යයක් ආරෝපණය කලහැකිය. නමුත් එය සත්‍යය නොවේ. එමෙන්ම භක්තියට වඩා වැදගත් වන්නේ ධර්මාවබෝධයෙන් ඇතිකරගන්නාවූ ශ්‍රද්ධාවයි.

hits වැඩි කරගන්න බොරු බයිලා දාන්න එපා

Post a Comment