සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Friday, October 9, 2015

බෞද්ධ පොත් නොමිලේ නිවසටම

බෞද්ධ පොත් පත් කිහිපයක්ම නොමිලේ ගෙදරටම ගෙන්වා ගන්න ඔබට පහසුකම් ලබා දෙන වෙබ් පිටුවක් පිළිබඳවයි මේ සටහන.
විශේෂයෙන් මට මේ පිළිබඳව සදහන් කල මාගේ මිතුරාද මේ අවස්ථාවේ මතක් කරන්නේ මා මේ සත්කාරය පිළිබදව දැනුවත් කිරීමේ පින නිතැතින්ම හිමිවන නිසාවෙනි.
මේ විශේෂ වෙබ් පිටුව හරහා එහි සඳහන්ව ඇති පොත් පත් ගෙදරටම ගෙන්වා ගත හැකි අතර මාස 1ත් 2ත් අතර කාලය තුල එය ඔබ අතට පත්වනු ඇත. දන්නා තරමින් තායිවානයේ සිට මෙහෙයවනු ලබන
මෙම උතුම් පින්කම හරහා සිංහල ඇතුළු තවත් භාෂා ගණනාවකින් පරිවරථනයට ලක්වු පොත් ගෙන්වා ගැනීමට හැකියා ව පවතිනවා. මේ වැඩ සටහන හරහා එක් පුද්ගලයකුට පොත් 5ක් පමණක් ලබාගත හැකි අතර විශේෂ අවසරයක් හරහා ඊට වැඩි
පොත් සංඛ්‍යාවක් ලබාගැනීමටද ඔබට හැකියාව පවතී. මා මෙහිලා විශේෂයෙන් සඳහන් කරන්නේ එම පොත් පත් වලින් යම් දැනුමක් ලබා ගැනීමට කැමතිනම් පමණක් ඒවා ගෙන්වා ගන්නා ලෙසයි. එයට හේතුව නම් මේ සත් ක්‍රියාව වෙනුවෙන් ඔවුන් විශාල මුදලක් වැයකිරීමයි. තෙරුවන් සරණයි!
මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට හෝ පොත් ගෙන්වා ගැනීමට පහක වෙබ් ලිපිනයට පිවි‍සෙන්න.
වෙබ් අඩවිය - http://www.budaedu.org/en/
ධර්මාවබෝධය ලැබේවා...!

1 comments:

Post a Comment