සම්මා සම්බුදු සරණයි ඔබට!
සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.
4:21 AM
sadahathisuwada
උතුම් බුදුහිමියන් තෙවරක්ම පා තැබූ මේ පින්සාර භූමියේ පැවතුණාවූ අවිදු අදුර දුරලමින් සොදුරු නිර්මල අමා දහම් පදයෙන් ලක්දනගේ හදවත් නහවන්නට උදාවූ සුවිශාල ආගමික වැදගත්කමක් ඇති පින්බර පොහෝ දිනයකි පොසොන් පොහෝ දිනය...
තවත් පැය කිහිපයකින් ඒ උතුම් දිනය උදාවනු ඇත.. බොහෝ බැතිමතුන් මේ වන විටත් අනුරාධපුරය ආශිත සිද්ධස්ථාන වැදපුදා ගැනීමට එහි ගොස් ඇත.
එවන් වූ වැදගත්කමක් මේ දිනයට ලැබී ඇත්තේ සුන්දර බුදු දහම මේ පින්බිමේ මුල්බැස ගත්තේ බු.ව. 237 දී පමණ උදාවූ පොසොන් පොහෝ දින අනුබුදු මිහිදු හිමියන් මෙහි වැඩම කල නිසාය... සත්තකින්ම හදවත් කරැණා දියෙන් තෙතබරිත වූ නිසාය.
මහින්දාගමනය
අශෝක අධිරාජ්‍යාගේ අග්‍ර දායකත්වයෙන් හා මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තෙවන ධර්ම සංගායනාව සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස අශෝක රජුගේ පුතනුවන් වූ මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිසක් ලංකාදීපයට එවීමට කටයුතුද සැලසුනි.
මේ වන විට මිහිදු හිමියන් වැඩ සිටියේ මෑණියන් විසින් කරවන ලද වේදිස ගිරි විහාරයේය.ලක් රජුගේ දෙවන අභිෂේකය හා දහම් පණිවිඩය අසා සිටි උන්වහන්සේ ලග එන පොසොන් පොහෝ දින ලක්දිව මිස්සක පව්වට වැඩම කරන්නට සිතා ගත්තේය.
එවිටම සක් දෙවිදුන් කාරණය දිවැසින් දැක මිහිදු හිමියන් කරා එළඹ "ඔබ වහන්සේ ලංකාදීපයට වඩිනු මැනව. බුදුන් වහන්සේද මේ බව පරිණිර්වාණ මංචකයේදී වාදාලේය. අපිදු සියලු උපකර කරන්නෙමු" යි කීය.
සීත සුළන් රැලි දසතම සුසීතල කරමින්.. පොසොන් සදේ රැස් දහර දසතම ආලෝකමත් කරමින් පොසොන් පොහෝ දින උදාවිය. තිස්ස රජු චිරාගත චාරිත්‍ර අනුව රටවැසියාට සැනලකළි පවත්වන්නට නියම කර,තෙමේද හතලිස්දහසක් පිරිවර සමග දඩකෙළිය සදහා මිහින්තලා පව්ව වෙත ගියේය.මිහිදු හිමි කාරනට දිවසින් බලා පිරිවර සමග මිස්සක පව්වට ඍද්ධියෙන් වැඩම කලහ. රජු සිය පිරිසගෙන් ඇත් වූ නිසා තන කමින් සිටි මුවකු (වෙස්ගත් පර්වත දේවතාවෙක්) දැක සන් කොට(දුවන්නට හැර) ඌ පසුපසින් මිස්සක පව්ව අසලින් යන විටදී...මිහිදු හිමියන් "තිස්ස මෙහි එන්න" යැයි මධුරස්වරයෙන් රජු ඇමතීය. ඒ වදනින් තැති ගත් රජු ඇමතූ හිමියන් "මහරජ ,අපි ධර්මරාජ වූ බුදුපියාණන්ගේ ශ්‍රාවකයන්ය.තොපට අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු" යි වදලහ.
එයින් පැහැදුන මෙසේ ඇසුවේය"ඔබ වහන්සේ කෙලෙසක මෙහි පැමිණියෙද?" එවිට තමන් ගොඩින් හෝ දියෙන් නොපැමිණි බව මිහිදු හිමි පැවසීය.(ඍද්ධි බලයෙන් පැමිණි බව) රජුගේ දැනුම විමසූ හිමියන් "චුල්ල හත්ථි පදෝපම සූත්‍රය" දේශනා කල සේක. අවසානයේ රජු සහ පිරිස සරණ සීලයේ පිහිටියහ. නික්ම යාමට පෙර දනට රජ මාලිගයට වඩින ලෙසද ආරාධනා කලේය.
එතැන් පටන් පුරාණගත ඇදහිලි ක්‍රමයෙන් අඩුවියග සත්‍ය වාදීත්වය මුහුපුරා ගියේය.. ජනී ජනයා වෙලී සිටි අවිදු අදුර පොසොන් සද සමග පෑයූ අසමසම මිහිදු හිමියන්ගේ තේජාන්විත බාවයෙන් හා සුවසූදහසක් ධර්මස්කන්ධයේ ආනූභාවයෙන් වියැකි ගියේ මේ පින්වත් රටේ හදවත් පිංබර සිතිවිලි වලින් පුබුදුවාලමිනි.
එද මෙදා තුර කාළයේ බුදු දහම මහත් සේ පිළිගැනීමට ලක්විය.. බාදක අභියස නිබදව නොසැලෙන මෙවන් වූ සත්‍යවාදී දහමක් නම් නැත. හිමිවුන ඒ පින රැකගමු අපි අපේ දිවි හිමියෙන්. බුදුසරණයි!
__________________මෙන්න මේකත් කියවන්න__________
තව දෙයක් කියන්න ඕන පුළුවන් හැමොම ගිහින් මහින්දාගමනය චිත්‍රපටිය බලන්න. අති විශිෂ්ඨයි.
මෙන්න ඒකෙ වීඩියෝ කෑල්ලක්.
ඔයාගේ අදහස් දැනගන්න මමත් කැමතියි. ඇත්තටම ඒක මට ලොකු හයියක්..
6:09 AM
sadahathisuwada
අසමසම ගුණ සහිත බුදුපියාණන් වහන්සේගේ ඒ උතුම් ගුණයන් ගැන ඔබේ සිතුවිලි වලටත් ඉඩක් දෙන්න අපි සූදානම්... එක්වන්න කැමතිනම් අපත් සමග................
කැමතිනම් මේ ලිපිනයට ඊමේල් කරන්න
sadahathisuwada@gmail.com
නිර්මාණ පිටවට යන්න මෙතනට ක්ල්ක් කරන්න
3:33 AM
sadahathisuwada
තිලොවක්ම එකළු කරමින්, සැමටදනාටම අමා සුවය ගෙනදුන් ඒ බව දුකට වෙදැදුරාණන් බදු වූ තිලෝතිලක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වසර 2500 කට වැඩි කාලයක් ගතව ගියද නොනැසී පවතී. ඒ උතුම් සත්‍යය සැමවිටම පසක් කරමින් විවිධ කාලයන්හි විවිධාකාරවූ අසිරිමත් සිදුවීම් පවා අපට අහන්නට දකින්නට ලැබුණි.
ලෝකය සීඝ්‍ර ලෙස තාක්ෂණය දියුණු කරණ මොහොතක මිනිසත්කම වියැකී යනවාදෝ මට සිතේ..
එයට පසක් වු හේතු විශාල ප්රමාණයකි. මිනිසුන් තරගයට එකිනෙකාට වඩා ඉහලට යන්නට වෙරදරයි. මේ නිසාම ඔවුන් අතින් නොසිතන ලෙස වැරදිද සිදුවෙයි.
අහංකාරකමින් දරුවන් පවා පුරවාලමින්.. තරගකාරී අධ්‍යාපන රටාවකට පමණක් කොටු කිරීමට දෙමාපියන් වෙර දරයි. එහෙත් ඔවුන් එසේ සිතීමෙන් උගත්කමින් යුතු ගුණමකුවන් පිරිසක් බිහිවන බව අනිවාර්ය කරුණකි. කොතරම් කෑ ගසා තමන් බෞද්ධයකු යැයි කීවත්.. දහම් අධ්‍යාපණයක් නොමැති නිසාම අද වන විට මිනිසුන් අතර ආත්මාර්තය මුහුපුරා ගොස් ඇත. දහම් පාසලක් වෙත දරැවන් යැවීමට උනන්දු නොවීම මා දකින සුවිශාල අඩුපාඩුවකි..
මිනිසත්කමින් සපිරුනු යහපත් සමාජයක් බිහිකිරීමට උගතුන් අවැසි සේම.. ඒ උගත් කම තමන්ගේ ආගම දහමටද යොදාගැනීම අප සතු වගකීමකි. එසේම යුතුකමකි.
බොහෝ දරුවන් හට ඉරිදා දින උදාවන්නේ ටියුසන් පන්තියේ සීනු හඩ සමගිනි..
අපොස සාමාන්‍යපෙල/උසස්පෙල විභාග හදාරන අපි දහම් පාසල් යන්නේ අවසාන විභාගයේ අයදුම් පත්‍ර එනතුරු වීමද කණගාටුවට කරුණකි. නොමිලේ පවත්වන මේ විභාගයේ ප්‍රශ්ණ පත්‍ර මේ වසරේදීත් දස දහස් ගනන් අපතේ ගොස් ඇත. රටේ දියුණුව ගැන කතාකරන අපි අපේ අතින් සිදුවන සාපරාදී ක්‍රියාවන් ගැන සිතන්නේවත් නැත.
බෞද්ධ දර්ශණය තරම් සත්‍යවාදී දහමක් උපන් බිමේ මුල් බැස තිබියදීත් අපෙන් වන සුළු සුළු අගහිගකම් නිසා සමාජයම පිරිහීමට පත්ව ඇත.
අනෙකෙකුට අත දිගු කරණවාට වඩා තමාගේ වටිනාකම හරිහැටි ඉටුකරන්නට අපි වග බලා ගමු. එවිට සුන්දර සිතක් ඔබට හිමිවේවි.
2:00 AM
sadahathisuwada
අපමහා ලෝතුරා බුදුන් වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයේ විපත සහ විපතේ මුල පිළිබදව මෙසේ දේශණා කල සේක.
මහණෙනි
"රූපය විපතයි,
වේදනාව විපතයි,
සංඥාව විපතයි,
සංඛාර විපතයි,
විඥානය විපතයි.
සැබැවින්ම මේ පංචස්කන්ධයම විපතයි"
ඇත්තෙන්ම අප සැමවිටම දුක් වන්නේ අපි ආශා කරණ දෙය අපට නොලැබීම නිසාය.
අප දකින්නට බොහෝ සෙයින් අකමැකි දේ අපට ලැබීම නිසායි.
සංස්කාර වලින් මුළු සිරුරම වෙලාගෙන අවිද්‍යාවෙන් මුලා වී සිටින නිසායී.
මේ සියල්ල විපත නම්,
මැදිබත් බවින් සිටීමෙන් මේවා නැසිය හැකි නොවේද?
විපතේ මුල-
පුනර්භවය ඇති කරන, නන්දි රාග සහගත, ඒ ඒ තැන්හි සිත වසග කරවන, අභිනන්දනය ඇති කරවන ලද කාම තණ්හා,භව තණ්හා හා විභව තණ්හා යන සියල්ල විපතේ මූල යනුවෙන් හදුන්වයි.
ඒ නිසා මෙසියල්ලට අපව පරදන්නට නොදී අපි මේවා පැරදිය යුතුය.
9:40 AM
sadahathisuwada
මජ්ඣිම නිකායේ 55 වැනි "ජීවක" සූත්‍රයේ බුදුන් වහන්සේ මෙසේ දේශණා කළ සේක...
"ජීවක,අවස්ථා 3කදී මාංශ අනුභව නොකළ යුතුයි. එනම්,1.දිට්ඨං-දක්නා ලද නම්(අවබෝධ කරගත්තේ නම්)
2.සුතං-අසන ලද නම්(ඇසීමෙන් දැනගත්තේ නම්)
3.පරිසඩ්කිතං-සැක කළේ නම්(සැක සහිත නම්)
"ජීවක,අවස්ථා 3කදී මාංශ අනුභව කළ යුතුයි. එනම්,
1.අදිට්ඨං-නොදක්නා ලද නම්(අවබෝධ කරගත්තේ නැති නම්)
2.අසුතං-නොඇසූ ලද නම්(ඇසීමෙන් දැනගත්තේ නැති නම්)
3.අපරිසඩ්කිතං-සැක කළේ නැති නම්(සැක සහිත නැති නම්)
වෙළදසල් වලින්, වෙළෙන්දන්ගෙන් සතුන්ගේ (කුකුලන්,එළුවන්,හරකුන්,ඌරන්,මත්ෂ්‍යයින්) මංශ අප මිලදීගනී.
ඒ සතුන්ගේ අසරණ ජීවිත නැතිවීමට හේතුව අපද?
සත්වයන්ගේ ගෙල කයින් වෙන්වන්නේ ඝාතකයන් හට අපි මුදල් දෙන නිසා නොවේද?
.
"මිල දෙන නිසා ඝාතනය කරති."
සැබැවින්ම මෙයට හේතුඵල දහම ඍජුවම බලපායි.
ඒ තාපසයානන් උල ගසනු ලැබුයේ පෙර භවයක කුඩා දරුවකුව සිටියදී සමනළයකු කූරකින් උල ගැසූ නිසාය. එයට අපායේද දුක් වින්දේය.
සත්ව මාංශවල පවතින පෝෂක කොටස් සෝයා ආහාර වර්ග,බෝංචි,පරිප්පු ආදියෙහි ඒ හා සමානවම පවතී.
අලි ඇතුන් වැනි සතුන් ගේ ශක්තිය කොතරම් අරුමයක්ද? නමුදු ඔවුන් ශාක භක්ෂකයන්ය...සිතන්න...
මස් මාංශ ගෙන දිව පිනවා ඝාතනයකට අනුබල දී, තමන්ගේ ශරීරය අමු සොහොනක් කරගන්නවාට වඩා
අවිහිංසාවෙන් ජීවත්වීම වඩා නොවටින්නේද?
3:21 AM
Anonymous
හැමෝටම ආයුබෝවන්.. මටත් පුංචි ආරාධනාවක් ඇවිත් තිබුණා ගොඩක් හොද වැඩකට.. ඉතින් මමත් අද ඉදන් සැදැහැති සුවද අඩවියත් එක්ක සම්බන්ධ වෙනවා.. හොද ලිපි ටිකක් දාන්නයි මම හිතන් ඉන්නේ..