බුදු දහම රැකගන්න එන්න අප හා එක්වන්න

හිතවත ඔබ සැබැම බෞද්ධයෙක් නම් නිබදව අන් අයට ගරැ කරන්න.සැම එකා සේ සිතන්න

සම්මා සම්බුදු සරණයි ඔබට!

සිත් පිත් නැති මිනිසුන් තුල සැගවුනාවු මනුසත්කම වෙනුවෙන් යමක් කිරීම අපේ වෑයමයි. අඩුපාඩු අපට පෙන්වා දෙමින් මෙ‍ම කටයුත්ත හරියාකාරව කරන්නට ඔබේ සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.
හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.

Friday, September 16, 2011

මරණ භය- අනියත ජීවිතය හා නියතය මරණය(2)

මිනිසා දුක් විදින්නේ භාහිර දේ නිසා නොව තමාගේ සිතෙහිම ඇතිවන මනඃකල්පිත හැගීම් මෙන්ම වැරදි නිගමන නිසාමය. මරණයෙන් මතු මොන තැනක උපදීදැයි සැකයක් පවතී. ආනාගත බලාපොරොත්තුව නිසාම ජීවිතය ගැන බිය ඇතිකරනු ඇත. මරණය හුදෙක් භයානක නොවෙයි. නමුත් ඒ ගැන සිතීම නිසාම බිය උපදවයි. ජීවිතයේ යථාස්වභාවය දකින්නට ඇති අකමැත්ත නිසා අපි සත්‍යය ඉදිරියේ බියට පත් වන්නෙමු. තමුත් සත්‍යය අවබෝධය තුලින් බිය තුරන් වේ. එවිට මරණයට නොබියව මුහුණදෙන්නට හැකිවේ. උපන් සත්වයා ඊතලයක් මෙන් මරණය කරා...

Wednesday, September 14, 2011

ස්වභාවදහම හා යා වුන මනුසත්කම- - -කරදර වලින් මිදෙන්න (2)

භෞතික සැප සම්පත්, ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුව නිසාම අදවනවිට මිනිසා ස්වභාවධර්මයේ හඩට ඇහුම්කන් නොදී අනාගත ජීවිතයේ සතුට ගැන ඉහවහා ගිය සිතුම් පැතුම් වලින් මනස ස්වයං මුලාවකට පත්කගෙන ඇත. ඒ නිසාම අනාගතය ගැන සිහින මවනවා හැරෙන්නට අමිල වටිනාකමක් ඇති වර්තමානය පිළිබදව සහමුලින්ම අමතක කොට ඇත. සත්තකින්ම මුළු මහත් මනුෂ්‍ය සංහතියම මෙවන් වූ ආකාරයෙන් අස්වාභාවික ලෙස හැසිරෙන්නේ අපගේ වටිනා වූ මනුෂ්‍ය ජීවිතය හා අවසන් අරමුණ පිළිබදව ඇති වැරදි ආකල්පයන් නිසාය. මේ නිසාම වත්මන්...

Sunday, September 11, 2011

කනස්සල්ල හා බිය- - -කරදර වලින් මිදෙන්න (1)

කනස්සල්ල හා බිය යනු එකිනෙකටයා වුනාවූ ද්විත්ව අපලයකි. සත්තකින්ම එය මේ මුළු ලෝකය පුරාම පවතී. ඔබ කණගාටුවෙන් සිටී කියා සිතෙන විට ඔබ සිටින්නේ දුකිනි.ඔබ දුකින් සිටී කියා සිතෙන විට ඔබ සිටින්නේ කණගාටුවෙනි.අපි මේ දෙයට සත්‍යය ලෙස මුහුණ දිය යුතුය.අපට මේවායින් පැන යා නොහැකිය.එනමුත් දුක සහ බිය යන මේවාට අප ඉක්මවා යාමට ඉඩ නොදිය යුතුය.අනිවාර්යෙන්ම අප ඒවා ජයගත යුතුය.අපේම  වීර්යය නිවැරදි ලෙස හොද අධිෂ්ඨානයක් සහ ඉවසීම සහිතව යෙදුවහොත් එය කල හැකි වේ.චිත්ත වේගාත්මක...

Friday, September 9, 2011

හලාවත සිදුවෙන්න යන බිලි පුජාව වහා නවත්වමු.

ඇත්තටම මේ වෙලාවේ මේ වගේ පෝස්ට් එකක් දාන්න වෙයි කියලා කවදාවත්  මම හිතුවෙ නෑ. ඒත් අවාසනාවන්ත ලෙස සිදුවෙන්න යන මහා අපරාධයක් වෙනුවෙන් අප නිසැකවම නැගී සිටිය යුතුයි  යන්න මගේ හැගීමයි. මම දන්න තරමින් අහිංසක සතුන් අමු අමුවේ බොහෝ දෙනා ඉදිරියේ දෙවියන් උදෙසා යයි කියමින් නිරපරාදේ මෙලොවින් තුරන් කිරීම් කිසිවිටකත් අනුගමනය කල නොහැක. සුන්දර බුදු දහමින් පෝෂීත වූ අපිට මෙවන් අපරාධ වන්නට ඉඩ දිය හැකිද? මෙවන් කටයුතු වලින් සිදුවන්නේ සතුන්ගේ ජීවිත අහිමීවීම පමණක්ම නොවේ. සත්තකින්ම මේ හරහා මිනිස් ජීවිතවල තිබෙන්නාවූ සුළු හෝ මනුසත් කමත් වියැකී යනු ඇත. මිට සුළු කාලයකට පෙර ජාතියක් ලෙස අපි අපේ ජීවිත කෙරෙහි කොතරම් බියෙන් සිටියෙමුද? අපේ හිත මිතුරන් තකාපමණක් අපෙන් සදහටම වෙන්ව ගියේද? ලේ ගංගාවලින් මිහිතලයම කම්පා කරවූයේද?...

Wednesday, September 7, 2011

ඔබ කවර ලෙස කිපෙන කෙනෙක්ද? (පුද්ගල වර්ග 3)

මේ ලෝකය හරිම පුදුමාකාරයි. මිනිස්සු හරිම විවිධයි. මේ විවිධාකාර වූ පුද්ගලයන් ප්‍රධාන වශයෙන් වර්ග 3කි. මෙම පුද්ගලයන් මෙසේයී.(අංගුත්තර තික නිපාත-130) 1.ගල මත ලිවීම සේ උපමා කල පුද්ගලයා 2.පොලොව මත ලිවීම සේ උපමා කල පුද්ගලයා 3.ජලය මත ලිවීම සේ උපමා කල පුද්ගලයා  1.ගල මත ලිවීම සේ උපමා කල පුද්ගලයා  නිතර නිතර කිපෙන පුද්ගලයකුගේ ක්‍රෝධය දිගු කලක් සිත තුල රුදී පවතියී නම්,ගලක් මත ලියූ දෙයක් වාතයෙන් හෝ ජලයෙන් පහසුවෙන් නොමැකී යන්නා සේ සිත තුල ක්‍රෝධය,තරහව...

Tuesday, September 6, 2011

අනියත ජීවිතය හා නියතය මරණය(1)

ජීවිතං අනියතංමරණං නියතං- එනම් "ජීවිතය අනියතයි මරණය නියතයි" යනු බුදු දහමේ ඉතා ප්‍රසිද්ධ දේශනාවකි. මෙලොව උපන් සෑම සත්වයෙක්ම මරණයට පත්වන බව අපි දනිමු. එය ස්වභාවික දෙයකි. නමුත් අපි අපි සැවොම මරනණයට අකමැතිය. සත්තකින්ම මහත් වු බියක් දරන්නේය.සැබැවින්ම ඒ අපට මේ ස්වභාවය කත්රැම් ගත නොහැකි නිසාම සිදුවන දෙයකි. එසේම අපි අපේ මේ කුණුකයට මහත් අශාවක් ඇති නිසාවෙනි. කුඩා දරැවෙක් මෙලොව එළිය දකින විට නෑදෑ හිත මිතුරන් මහත් සේ සතුටු වන්නේය. දරැවා බිහිකිරීමට මව දරණ වෙහෙස...

Tuesday, August 23, 2011

බුදු දහමින් පොෂණය වූ ආදරණීය ඔබ මේ ගැනත් සිතන්න

ආදරණීය පින්වත් හිතවතුනේ,අප සෑම දෙනාම කොතරම් පින්වත්ද? සත්තකින්ම අපි ඉතා වාසනාවන්තයි. ඒ මේ පින්බිමේ ඉපදීමේ භාග්‍යය අප සැමට ලැබුනු නිසාවෙනි.   නමුත් බෞද්ධයකු ලෙස ඉපිද ඇතැමුන් කරන අනුවණ ක්‍රියා පිලිබදව අසන්නට දකින්නට ලැබෙනවිට සිතය දැනෙන්නේ අසීමිත සෝකයකි. බුදු දහමේ ඇති සත්‍යවාදීබව හා නිදහස් චින්තනය මුළුමහත් ලෝකයම පිළිගන්නා මෙවන් යුගයක, අසරණකම නැතිබැරිතමට පිහිටවන මුවාවෙන් ඒ උතුම් දහම විනාශ කරන්නට ඇතැමුන් උපක්‍රම ක්‍රියාත්මක කරන බව අප දත යතු කරුණකි. සියල්ලන්ටම තමා කැමති දේ කිරීමට අයිතියක් ඇත. නමුත් එවැනි දේ බියවද්දා හෝ තවත් අයෙකු මුලාකර,පීඩනයට පත්කර සිදුකිරීම අනුමත කල නොහැක. සුනිමල බුදු දහම ඉදිරියට ගෙනයන අපේ පැවිදි උතුමන්ගේ සිත් සතන් පවා පවිටුකම් වලින් පුරවා උන්වහන්සේලා ලවාම මේ උතුම් බුදු දහම...

Thursday, July 28, 2011

සදාදරණීය හිතවතුනේ

හුග දවසක් ගතවුනා. ඒත් බ්ලොග් එකට ලිපියක් එක්කරන්න බැරිවුනා. සමාවෙන්න මේ ටිකේ ටිකක් වැඩ වැඩියි. අගෝස්තු මාසේ 23න් පස්සේ අනිවාර්යෙන් හොද ලිපි ‍ඔයාලා වෙනුවෙන් ලියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර හැකියාවක් ලැබුන විගසම අපි ලියන්නම් එතකන් මේ බ්ලොග් බලන්න බුද්ධ රශ්මි මහමෙවුනාව http://rightmindfulness.wordpress....

Tuesday, June 14, 2011

මිහින්තලාවම එකළු වුණා මහින්ද මා හිමි වැඩම කලා

උතුම් බුදුහිමියන් තෙවරක්ම පා තැබූ මේ පින්සාර භූමියේ පැවතුණාවූ අවිදු අදුර දුරලමින් සොදුරු නිර්මල අමා දහම් පදයෙන් ලක්දනගේ හදවත් නහවන්නට උදාවූ සුවිශාල ආගමික වැදගත්කමක් ඇති පින්බර පොහෝ දිනයකි පොසොන් පොහෝ දිනය... තවත් පැය කිහිපයකින් ඒ උතුම් දිනය උදාවනු ඇත.. බොහෝ බැතිමතුන් මේ වන විටත් අනුරාධපුරය ආශිත සිද්ධස්ථාන වැදපුදා ගැනීමට එහි ගොස් ඇත. එවන් වූ වැදගත්කමක් මේ දිනයට ලැබී ඇත්තේ සුන්දර බුදු දහම මේ පින්බිමේ මුල්බැස ගත්තේ බු.ව. 237 දී පමණ උදාවූ පොසොන් පොහෝ...

Sunday, June 12, 2011

ඔබේ ලිපි, නිර්මාණ වලට ඉඩක්

අසමසම ගුණ සහිත බුදුපියාණන් වහන්සේගේ ඒ උතුම් ගුණයන් ගැන ඔබේ සිතුවිලි වලටත් ඉඩක් දෙන්න අපි සූදානම්... එක්වන්න කැමතිනම් අපත් සමග................ කැමතිනම් මේ ලිපිනයට ඊමේල් කරන්න sadahathisuwada@gmail.com නිර්මාණ පිටවට යන්න මෙතනට ක්ල්ක් කර...

Friday, June 10, 2011

.....බුදු දහම, දහම් අධ්‍යාපනය සහ අපි.....

තිලොවක්ම එකළු කරමින්, සැමටදනාටම අමා සුවය ගෙනදුන් ඒ  බව දුකට වෙදැදුරාණන් බදු වූ තිලෝතිලක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වසර 2500 කට වැඩි කාලයක් ගතව ගියද නොනැසී පවතී. ඒ උතුම් සත්‍යය සැමවිටම පසක් කරමින් විවිධ කාලයන්හි විවිධාකාරවූ අසිරිමත් සිදුවීම් පවා අපට අහන්නට දකින්නට ලැබුණි. ලෝකය සීඝ්‍ර ලෙස තාක්ෂණය දියුණු කරණ මොහොතක මිනිසත්කම වියැකී යනවාදෝ මට සිතේ.. එයට පසක් වු හේතු විශාල ප්‍රමාණයකි. මිනිසුන් තරගයට එකිනෙකාට වඩා ඉහලට යන්නට වෙරදරයි....

Monday, June 6, 2011

විපත සහ විපතේ මූල(අඝ හා මූල)

අපමහා ලෝතුරා බුදුන් වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයේ විපත සහ විපතේ මුල පිළිබදව මෙසේ දේශණා කල සේක. මහණෙනි "රූපය විපතයි, වේදනාව විපතයි, සංඥාව විපතයි, සංඛාර විපතයි, විඥානය විපතයි. සැබැවින්ම මේ  පංචස්කන්ධයම විපතයි" ඇත්තෙන්ම අප සැමවිටම දුක් වන්නේ අපි ආශා කරණ දෙය අපට නොලැබීම නිසාය. අප දකින්නට බොහෝ සෙයින් අකමැකි දේ අපට ලැබීම නිසායි. සංස්කාර වලින් මුළු සිරුරම වෙලාගෙන අවිද්‍යාවෙන් මුලා වී සිටින නිසායී. මේ සියල්ල විපත නම්, මැදිබත් බවින් සිටීමෙන්...

Sunday, June 5, 2011

සතුන් ඝාතනය වන්නේ මිලදී ගන්නා නිසා නොවේද?

මජ්ඣිම නිකායේ 55 වැනි "ජීවක" සූත්‍රයේ බුදුන් වහන්සේ මෙසේ දේශණා කළ සේක... "ජීවක,අවස්ථා 3කදී මාංශ අනුභව නොකළ යුතුයි. එනම්,1.දිට්ඨං-දක්නා ලද නම්(අවබෝධ කරගත්තේ නම්)2.සුතං-අසන ලද නම්(ඇසීමෙන් දැනගත්තේ නම්)3.පරිසඩ්කිතං-සැක කළේ නම්(සැක සහිත නම්) "ජීවක,අවස්ථා 3කදී මාංශ අනුභව කළ යුතුයි. එනම්,1.අදිට්ඨං-නොදක්නා ලද නම්(අවබෝධ කරගත්තේ නැති නම්)2.අසුතං-නොඇසූ ලද නම්(ඇසීමෙන් දැනගත්තේ නැති නම්)3.අපරිසඩ්කිතං-සැක කළේ නැති නම්(සැක සහිත නැති නම්) වෙළදසල් වලින්, වෙළෙන්දන්ගෙන්...

Friday, June 3, 2011

හැමෝටම ආයුබෝවන්.. මටත් පුංචි ආරාධනාවක් ඇවිත් තිබුණා ගොඩක් හොද වැඩකට.. ඉතින් මමත් අද ඉදන් සැදැහැති සුවද අඩවියත් එක්ක සම්බන්ධ වෙනවා.. හොද ලිපි ටිකක් දාන්නයි මම හිතන් ඉන්න...

Tuesday, May 17, 2011

 සසර දුක නිවන මග(නිවන් මග)  මේ සසර දුකින් මිදීමට නම්- සසර ගමන නැවැත්විය යුතුයසසර ගමන නැවැත්වීමට නම්- නිවන් දැකිය යුතුය(යලි උපත නැති කිරීමට)නිවන් දැකීමට(යලි උපත නැති කිරීමට) නම්- තෘෂ්ණාව නැතිකල යුතුය (ලෝභ,ද්වේෂ,මෝහ)තෘෂ්ණාව(ලෝභ,ද්වේෂ,මෝහ) නැති කිරීමට නම්- ලෝක සත්‍යය අවබෝධ කරගත යුතුය(චතුරාර්ය සත්‍ය)ලෝක සත්‍යය අවබෝධ කරගැනීමට නම්- ප්රඥාව දියුණු කල යුතුයප්රඥාව දියුණුකර ගැනීමට නම්- විදර්ශනා භාවනාවන් වැඩිය යුතුයවිදර්ශනා භාවනාවන් වැඩිමට නම් - විසිරෙන...

Sunday, May 8, 2011

පිරිතේ අනුහස නමින් නවතම ලිපියක් ළගදීම ඔබ වෙනුවෙන් ඉදිරිපත් වනු...

Monday, May 2, 2011

එන්න ධර්මය දකින්න ඉපදෙමින්, මියයමින්, විවිධ වූ ආහාවන් පොදිබැද ගනිමින් සසර පුරාවට නොවිදිනා දුක් විදිමින් සැරිසරන ලෝක සත්වයාගේ යථා ස්වභාවය කල්ප කාලාන්තරයක් මුළුල්ලෙහි දැරූ මහගු උත්සහයේ අවසන් ඵලය ලෙස අවබෝධ කරගනිමින්, ලොව පුරා පැතිරීගිය ආත්මාර්ථය දුරු කරමින් පරාර්ථකාමීත්වයට මූලාරම්භයක් තබමින්, සුවහසක් දනමන අමදම් සිසිලසින් පුරවාලූ ඒ උතුම් සම්බුදුපියාණන් වහන්සේගේ සත්පුරැෂත්වය මෙතෙකැයි කියා නිමකල නොහැකිය.  2011 වෙසක් පුර පොහෝදිනය වනවිට ඒ...

Page 1 of 712345Next